ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

448

ඇමෙරිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් විය. එම ඉවත් වීම සිදුවූයේ ජනාධිපති ට්‍රම්ප්ගේ තීරණයකට අනුවය. ට්‍රම්ප් මේ බව තීරණය කළේ සිය දෙවන ධුර කාලය සඳහා දිවුරුම්දීමෙන් පසුවය.

සිය දෙවන ධුර කාලය ආරම්භ කරමින් ජනපති ට්‍රම්ප් කාශ කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් අමෙරිකාව ලබාදෙන අරමුදල් කප්පාදු කිරීමක් සිදුකරන බවය.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, එක්සත් ජාතීන්ගේ පලස්තීන සහන ඒජන්සියට අරමුදල් සැපයීම, යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත්වීමද තීරණය කෙරුණි.

2020 දී සිය පළමු ධුර කාලයේ දී‍් ජනපති ට්‍රම්ප් කොරෝනා වසංගතය මූලික කරගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වූ අතර පසුව ජනපති ජෝ බයිඩන් බලයට පත්වී අමෙරිකාව නැවත ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්වීම සිදුවිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!