කතරගම සිට නුවරඑලිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථය කොත්මලේ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි අනතුරට පත් වීමෙන් මිය ගිය 23 දෙනාට පින් අනුමෝදන් කරමින් සහ තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය සහ යලිත් මෙවැනි විපත් නොවන ලෙසට ප්‍රාර්ථනා කරමින් මහ සංඝරත්නය විසින් අනතුර සිදු වූ ස්ථානයේ (01) දින පස්වරුවේ සෙත් පිරිත් සජ්ඣායනයක් පවත්වනු ලැබූහ.
කොල්මලේ රම්බොඩ ගම විජයවර්ධනාරාමාධිපති, ත්‍රිපිටතාචාර්ය මල්දෙණියේ උපාලි නායක ස්වාමින් වහන්සේ ඇතුලු මහ සංඝරත්නයේ සිව් නමක් සහභාගීත්වයෙන් සෙත් පිරිත් සජ්ඣායනය පවත්වනු ලැබූහ.
කොත්මලේ පොලිසිය, කොත්මලේ ගැරඩි ඇල්ල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්, අනතුරින් තුවාල ලැබූවන් මුදවා ගත් පිරිස් විසින් අනතුර සිදු වී දින 21ක් ගත වීම නිමිත්තෙන් මෙම පිංකම සංවිධානය කර තිබුණි.
අනතුරින් මිය ගිය අයට පින් අනුමෝදන් කරමින් පැන් වඩා වැඩම කල මහ සංඝරත්නයට අටපිරිකරද පූජා කරනු ලැබූහ.
මෙම පිංකමේදි අදහස් දැක්වූ කොල්මලේ රම්බොඩ ගම විජයවර්ධනාරාමාධිපති, ත්‍රිපිටතාචාර්ය මල්දෙණියේ උපාලි නායක ස්වාමින් කියා සිටියේ යලිත් මෙවැනි විපත් සිදු නොවන ලෙසටත්, අනතුරින් මිය ගිය අයට පින් අනුමෝදන් කරමින් සහ අනතුරින් තුවාල ලැබූ අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් මෙම සෙත් පිරිත් සජ්ඣායනය සහ ආශිර්වාද පූජාව පැවැත් වූ බවයි.
කතරගම සිට නුවරඑලිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වූ කතරගම ඩිපෝවට අයත් ලංගම බස් රථය මැයි 11 දින අලුයම 4:30 ට පමණ නුවරඑලිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඩි ඇල්ල ප්‍ර දේශයේදි අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එම බස් රථයේ ගමන් ගත් 23 දෙනෙකුගේ දිවි අහිමි වී එම බස් රථයේ ගමන් ගත් තවත් 60 දෙනෙකු පමණ බරපත්ල ලෙස තුවාල ලබා තිබුණි.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අනතුර පිලිබදව පරික්ෂණයක් පවත්වා එහි වාර්ථාව මේ වන විට නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණයට කොත්මලේ පොලිසිය මගින් ඉදිරිපත් කර ඇත.
එම පරික්ෂණ වාර්ථාව අනුව බස් රථය ධාවනය කල රියදුරා අවිවේකිව බස් රථය ධාවනය කිරිම නිසා රියදුරුට නින්ද යෑමෙන් මෙම අනතුර සිදු වි ඇති බවත්, මෙම අනතුරට රියදුරා පමණක් නොව මාර්ග සංවර්ධන අධිකාරිය සහ කතරගම ඩිපෝවේ බලධාරින්ද එම අනතුරට වගකිය යුතු බව එම වාර්ථාවේ සදහන් කර ඇත.
– රංජිත් රාජපක්ෂ