BREAKING NEWS
Search

ජනාධිපති පොදු සමාවෙන් අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් කර ඇත්තේ ඇමතිවරයෙකුගේ හිටපු ලේකම් කෙනෙක් – විමල්ගෙන් හෙළිදරව්වක්.!

756

අනුරාධපුර බන්ධනාගාරයෙන් වෙසක් පොහොය නිමිත්තෙන් නිදහස් කළ පුද්ගලයා වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ හිටපු ලේකම්වරයෙකු යයි තොරතුරු වාර්තා වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

“වෙසක් එකට අනුරාධපුර හිර ගෙදරින් නිදහස් කළ පුද්ගලයෙක් ගැන කතා වෙනවා. ඒ පුද්ගලයා මේ ආණ්ඩුවේ ඇමති කෙනෙක්ගේ හිටපු ලේකම් කෙනෙක්. සමහර කාලවලට අපි කියනවා වසන්තය කියලා. සමහර කාලවලට අපි කියනවා ගිම්හානය කියලා.

ඒ මිනිහා තවමත් අත්අඩංගුවට ගන්නේ නෑ, වැරදි විදිහට නම් එළියට ඇවිත් තියෙන්නේ. සමහර විට දයාශාන්ත අයියා වගේ කෙනෙක් වෙන්න ඇති. එයාලට අත තියන්නේ නෑ. අනේ අර බන්ධනාගාර ඉහළ නිලධාරීන් හිරේ දානවා.”

සිය පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *