BREAKING NEWS
Search

මහින්දානන්ද, නලින් හා එස්එම් රංජිත් සමග හිරේ ප්‍රින්ට් වැඩ කරන්න දාලා.!

2155

හිටපු අමාත්‍යවරුන් මහින්දානන්ද සහ නලින් බන්ධනාගාර මුද්‍රණ කටයුතුවලට යොමු කිරීමට නියමිත බව වාර්තාවේ.

මින් ඉහත බරපතල වැඩ සහිතව සිරගතවූ එස්එම් චන්ද්‍රසේකර වැඩ කඑරන්නේද හිරගේ මුද්‍රණ අංශයේය.

වැලිකඩ බන්ධනාගාරයේ සිරගත කර සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලැබූ පසු දෙදෙනාට බන්ධනාගාර වැඩ පැවරීම ඉතා කෙටි කලකින් සිදු කිරීමට වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා විසින් පියවර ගනු ඇතැයි වාර්තා වේ.

බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක මහතා විසින් සඳහන් කර ඇති පරිදි, දඬුවම් ලැබූ සිරකරුවන්ට නිකුත් කරන විශේෂිත ඇඳුම වන ‘ජම්පරය’ දැනටමත් මෙම හිටපු අමාත්‍යවරුන් දෙදෙනාට ලබා දී ඇත. එසේම, ඔවුන් දෙදෙනා බන්ධනාගාර වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කර ඇත.

2015 ජනාධිපතිවරණ සමයේදී නීති විරෝධී ලෙස කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් ක්‍රීඩා සංගම් අතර බෙදා හැරීම හරහා රුපියල් කෝටි පහකට අධික මුදලක රජයට පාඩු සිදු කිරීමේ චෝදනාව යටතේ, ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව පසුගිය 29 වැනිදා ප්‍රකාශයට පත් කරන ලදී. එහිදී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතළ වැඩ සහිතව වසර 20ක සිර දඬුවමක්ද,

සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩ සහිතව වසර 25ක සිර දඬුවමක්ද නියම කරන ලදී.

බන්ධනාගාර නිලධාරීන්ගේ වාර්තා අනුව, දඬුවම් ලැබූ මෙම හිටපු අමාත්‍යවරුන් බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ රාජකාරි කටයුතු වලට යොමු කිරීම තුළින් ඔවුන්ට බන්ධනාගාර නීති රීති අනුව බරපතළ වැඩ සහිත සිර දඬුවම ක්‍රියාත්මක කිරීම සිදු වනු ඇත. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන වැඩපිළිවෙළ යටතේ සිරකරුවන් විවිධ වෘත්තීන් සහ කාර්යයන් සඳහා යොදවනු ලබන අතර, මෙම හිටපු අමාත්‍යවරුන් දෙදෙනා මුද්‍රණ කටයුතුවලට යොමු කිරීම ඒ අනුව සිදුවන බව පෙනී යයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *