රියදුරුගේ දස්කමින් ජීවිත රැසක් බේරෙයි

954

 

වලපනේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නිල්දණ්ඩාහින්නේ සිට තෙරිපැහැ දක්වා රාසින්ගොල්ල පළමු වංගුව ප්‍රදේශයේදි අද (01) දින අඩි 50ක් පමණ ප්‍රපාතයට පෙරැලීමට ගිය අවස්ථාවේ එම බස් රථයේ රියදුරු විසින් බස් රථයේ අත්තිරිංග භාවිතා කරමින් බස් රථය නතර කර ගැනීමට සමත් වී ඇති බව වලපනේ ඩිපෝවේ ධාවනය කළමණාකාර බණ්ඩාර මහතා පැවසීය.

දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ එම මාර්ගයේ අධික වංගුවක් සහිත ස්ථානයකදී බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි බස් රථය අනතුරට පත් වී ඇත.

අනතුර සම්බන්ධයෙන් අදහස් පැවසූ බස් රථයේ රියදුරුවන සමන් තිලකසිරි (48) මහතා

“අද උදේ බස් රථය නිල්දණ්ඩාහින්නේ ඉදලා තෙරිපැහැ දක්වා බස් රථය ධාවනය කරවන අවස්ථාවේ එම මාර්ගයේ රාසින්ගොල්ල ප්‍රදේශයේ පළවෙන් වංගුවේදි ඩෝං ගාලා සද්දයක් ආවා. මම ටක්ගාලා අත්තිරිංග තද කරලා බස් රථය නතර කර ගත්තා. බස් රථයට පහළින් අඩි 50ක් පමණ ප්‍රපාතයෙන් රුපහ මාර්ගය පේනවා. බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථයේ මගීන් 40 දෙනෙකු පමණ ගමන් කරා. මම බස් එක නතර කරලා බැහැලා බලනකොට බස් එකේ ජොයින්ට් එක දෙකට කැඩිලා තිබුණා.

Lankadeepa (රංජිත් රාජපක්ෂ )

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!