BREAKING NEWS
Search

හෙරොයින් එලිපිට විකුණති.. ගැණුම්කරුවන් පොරකමින් මිලට ගනිති…

1277

කොළඹ 10, මාලිගාවත්ත ලක්හිරැ සෙවන මහල් නිවාස සංකීර්ණය කේන්ද්‍ර කරගනිමින් කාන්තාවකගේ මූලිකත්වයෙන් මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරම සිදුවන බවට හිරු නාලිකාව වාර්තා කලේය.
මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ අරමුණින් රජය විසින් පසුගිය මස ආරම්භ කළ “ඉවත් වෙනු” නම් වූ දීප ව්‍යාප්ත ජාතික වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුරදීත්, මෙම හෙරොයින් ජාවාරම කිසිදු බියකින් තොරව ප්‍රසිද්ධියේ සිදු කරගෙන යයි.

මෙම ප්‍රධාන ජාවාරම්කාරිය ලක්හිරැ සෙවන මහල් නිවාස සංකීර්ණයේම පදිංචි කාරණියක බව හෙළි වූ අතර, දිනපතා උදෑසන මෙන්ම සමස්ත කාලයේදීත්, B සහ C මහල් නිවාස සංකීර්ණ අතර ප්‍රදේශයේ මෙම ජාවාරම සිදුවන බව සඳහන් වේ.

හෙරොයින් මිලදී ගැනීම සඳහා කාන්තාවන්ද ඇතුළු පිරිස් ගිජු ලෙස ජාවාරම්කරුවන් වටකරගෙන පොර කන ආකාරය දක්නට ලැබුණි.

ත්‍රිරෝධ රථයක සිටින කාන්තාව වෙත ජාවාරම්කරුවන් මුදල් එකතු කර ලබා දෙන අතර, එම කාන්තාව සතු හෙරොයින් කාසියක් සමඟ බිම දෙනු ලබයි.

ජාවාරම්කරුවන් එම හෙරොයින් මුඛයේ සඟවාගෙන කාසිය නැවත කාන්තාව අතට ලබා දෙන අතර, හෙරොයින් ලබාගත් පුද්ගලයින්ද ක්ෂණිකව එය මුව තුළ සඟවා ගනිමින් මහල් නිවාස පරිශ්‍රයෙන් ඉවත්ව යයි.

 

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *