BREAKING NEWS
Search

අනතුරට පත් ‘සිහින මන්දාකිනි’ බස් රථයේ සාද තොරන් හා කැටයම්. (videos)

1177

ඊයේ ඇල්ල-වැල්ලවාය මාර්ගයේදී ජීවිත රැසක් අහිමි කරවූ ඛේදනීය ඉරණමකට ගොදුරුවූ ප්‍රපාතයකට වැටී සුනුවිසුණු වූ NB 5858 නමැති ‘සිහින මන්දාකිනි’ නමින් හැඳින්වූ බස් රථය අනතුරට පෙර පැවති ආකාරය අතිශය විචිත්‍රය.

රාත්‍රී කාලයේදී තොරණක් ආකාරයෙන් දිස්වූ මෙම බස් රථය ඇතුළත දෙදරුම් දෙන සංගීතයෙන් පිරී ඇත. ගමන් කරන්නාට විනෝදය ගෙනදුන් නමුත් රිය පදවන්නාට සංයමයෙන් යුතුව මෙය හැසිරුවීමට ඉඩක් තිබුනේද යන්න සැක සහිතය.

පසුගිය ජනවාරියේ රජය මගින් බස් වල කැටයම් වැඩ හා අනවශ්‍ය විදුලි ආලෝක ඉවත් කිරීමට පියවර ගන්නට සූදානම් වූ අවස්ථාවේ ඊට විරුද්ධව මෙම බස් රථ හිමියන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම් කර තිබෙන අතර බස් රථයේ කැටයම් තොරන් විසිතුර වීඩියෝවකට නගා එය වර්ණනා කරමින් වීඩියෝවක්ද පළ කර තිබුණි.

රජය ගන්නට යන තීරණයද විවේචනය කර තිබුණි.
මෙම බස් රථය විනෝද ගමන් සඳහා කුලියට ලබාදී ඇත්තේ මෙම විචිත්‍ර බව වාසිදායී විශේෂාංගයක් බවට කරුණු කියමින් බවට තොරතුරු ලැබී තිබේ. සිහින මන්දාකිනි නමින් ෆේස් බුක් පිටුවක් හා ටික් ටොක් නාලිකාවක්ද මෙයට තිබී ඇත.
එහි ඇති වීඩියෝ අනුව රාත්‍රී කාලයේ බස් රථය ගමන් කරන්නේ දැඩි ශබ්ද නගමින් සංගීත නාදය සමග මගීන් සාදයක ආකාරයට නටමිනි. පහත පළවන්නේ බස් රථයේ මින් පෙර පැවති චාරිකාවක නර්තන ගමනේ දර්ශන වීඩියෝවක් හා කැටයම් වැඩ දැමීමට එරෙහිව බස් රථ හිමියන් පළ කළ වීඩියෝවකි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!