BREAKING NEWS
Search

අපේ ජනබල පක්‍ෂය පාලන කරන්නේ පවුලෙන්.. අලුත් නායකයා මං දන්නෙත් නෑ..

479

අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතාගේ ඝාතනයෙන් පසුව එම පක්‍ෂය අභ්‍යන්තරයේ සිදුවන්නේ කුමක්දැයි තමන්ටත් දැනගැනීමට නොහැකි වී ඇතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

අපේ ජන බල පක්ෂය පාලනය කරන්නේ සමන් පෙරේරාගේ පවුලේ සාමාජිකයන් බවත් එම පක්ෂයේ කිසිවකු සමග තමන් සබඳතා පවත්වන්නේ නැති බවත් උන්වහන්සේ පැවසූහ.

සමන් පෙරේරා මහතාගේ අභාවයෙන් පත් පසු හිස්ව පවතින පක්ෂයේ සභාපති ධුරයට පත් කරන්නේ කවුරුන්ද යන දැනගැනීමට තමන් වහන්සේට පවුලේ සාමාජිකයන් සම්බන්ධ කරගැනීමට නොහැකි වී ඇති බවද උන්වහන්සේ කියා සිටියහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!