BREAKING NEWS
Search

ආණ්ඩුවට යන කතාව ඇත්තද..? – සජිත් SJB ජ්‍යෙෂ්ඨයෙකුගෙන් බිරිද හරහා අසයි..!

249

සමගි ජන බලවේගයෙන් ඉවත්ව ආණ්ඩුවට එක්වන්නේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සමගි ජන බලවේග ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරෙයකුගෙන් විමසා ඇත.

අවස්ථා කිහිපයකදීම දුරකථනයෙන් ඔහුට ඇමතුවත් ඒ හරහා සම්බන්ධ කර ගැනීමට විපක්ෂ නායකට නොහැකි වී ඇත.

කෙසේ වෙතත් එම මන්ත්‍රීවරයාගේ බිරිඳ හරහා මන්ත්‍රීවරයා සම්බන්ධ කර ගැනීමෙන් පසු විමසා ඇත්තේත් ආණ්ඩුවට එක්වන බවට වාර්තා පළවන බවත් එසේ ආණ්ඩුවට නොයන්නේද යනුවෙනි.

මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමන් සමගි ජන බලවේගයෙන් කිසිසේත්ම ඉවත් නොවන බවයි.

ආදාළ මන්ත්‍රීවරයා දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ රජයන් කිහිපයකදීම ප්‍රබල අමාත්‍ය ධුර දරන ලද බස්නාහිර පළාත නියෝජනය කරන්නෙකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!