BREAKING NEWS
Search

ආණ්ඩුවේ කිසිම බෙදීමක් නෑ – ජනපති,අගමැතිනි සමගින් ප්‍රබල ඇමතිවරු එකම පින්තූරයක මෙන්න..!

776

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය පක්ෂ ආණ්ඩුවේ “හරිනි – ටිල්වින් පාර්ශ්වය” ලෙස අභ්‍යන්තර බෙදීමක් පිළිබඳව සමාජ මාධ්‍ය සහ දේශපාලන කවයන් තුළ පුවත් සංසරණය වෙද්දී, එහි නායකයන් පිරිසක් සමගින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිටින ඡායාරූපයක් හදිසියේම සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

එසේම ආණ්ඩුව තුළම සිටින ජවිපෙ සහ ෆේස්බුක් ක්‍රියාකාරීන් පිරිසක් අගමැතිනිය හරිනි අමරසූරියට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන පසුබිමක මෙවැනි ජායාරූපයක් නිකුත් කිරීම ආණ්ඩුව පිළිබඳව ජනතා විශ්වාසය තහවුරු කිරීමක් විය හැකි බවට විවිධ මත පල වෙනවා.

විශේෂයෙන්ම ජනතා පරමාධිපත්‍ය අවුරුදු 5කට ලබා දී තිබියදී විපක්ෂයේ ඇතැමුන් ආණ්ඩුව කඩා වැට්ටවීමට ක්‍රියා කරන්නේ නම් එය රටට වඩාත් අහිතකර අන්දමින් බලපානු ඇති බවත්,

මෙතෙක් පැවති ආණ්ඩු මෙන්ම මෙම ආණ්ඩුවේද යහපත් මෙන්ම අයහපත් ලක්ෂණ ඇති බවත් අප තේරුම් ගෙන වඩාත් සාධනීය ක්‍රියාමාර්ගයන් වලදී ආණ්ඩුව සමගින් සිට ඔවුනට සහයෝගය ලබා දිය යුතු බවත් ඇතැමුන් සඳහන් කරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!