BREAKING NEWS
Search

ආණ්ඩුව ඉවරයි – ජීඑල් පක්ෂ 17ක නායකයන් සමග සාකච්ඡා අරඹයි..!

6682

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් ඔහුගේ නාරාහේන්පිට කිරුළ පාරේ නිවසේදී පසුගිය 7 වැනිදා දේශපාලන පක්ෂ 17ක පමණ නායකයන් සහ නියෝජිතයින් හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තාවේ.

වර්තමාන ආණ්ඩුවේ ක්‍රියා කලාපය, වර්තමාන දේශපාලන සහ ආර්ථික තත්ත්වය සහ ඇමෙරිකානු බදු අයකිරීම් ඇතුළු කරුණු ගණනාවක් පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණු බව ඊට සහභාගි වූ හිටපු මන්ත්‍රීවරයෙක් පැවසීය.

වර්තමාන තත්වය හමුවේ ඉදිරි දේශපාලන කටයුතු මෙහෙයවිය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.

මෙම සාකච්ඡාවට රවුෆ් හකීම්, මිලින්ද මොරගොඩ, ජීවන් තොණ්ඩවන්, කබීර් හෂීම්, මනෝ ගනේෂන්, රමේෂ් පතිරණ, ෂෙහාන් සේමසිංහ ඇතුළු හිටපු සහ දැනට පාර්ලිමේන්තු සිටින මන්ත්‍රීවරු පිරිසක් ද සහභාගිව සිටි බව වාර්තාවේ.

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ ද පසුගියදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් වෙන්ව ගිය හිටපු මැති ඇමති පිරිසක් සමග සාකච්ඡා පැවැත්විය.

lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!