BREAKING NEWS
Search

ආපදාවෙන් මිය ගිය ගණන දැනට 334යි – ඊට වඩා අතුරුදන්…!

526

දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පුද්ගලයන්ගේ සමස්ත සංඛ්‍යාව 1,118,929 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නවතම තත්ත්ව වාර්තාවේ සඳහන් වේ. දිස්ත්‍රික්ක 25ක් ආවරණය වන පරිදි පවුල් 309,607ක් මෙම තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇත.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ සමස්ත සංඛ්‍යාව 334ක් වන අතර, 370 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම මරණ සංඛ්‍යාව (88) සහ වැඩිම අතුරුදන් සංඛ්‍යාව (150) වාර්තා වී ඇත.

බදුල්ල (මරණ 71, අතුරුදන් 53) සහ නුවර එළිය (මරණ 68, අතුරුදන් 64) දිස්ත්‍රික්කවලින් ද ඉහළ සංඛ්‍යා වාර්තා වී ඇත.

ආපදාවෙන් අවතැන් වූ පුද්ගලයන් පවුල් 55,747ක් අයත් පුද්ගලයන් 196,790ක් දිවයින පුරා පිහිටුවා ඇති ආරක්ෂිත මධ්‍යස්ථාන 1,494ක රැඳී සිටිති.

බදුල්ල දිස්ත්‍රික්කයේ ආරක්ෂිත මධ්‍යස්ථාන 180ක් ස්ථාපිත කර ඇති අතර, එහි පුද්ගලයන් 22,373ක් රඳවා ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ ආරක්ෂිත මධ්‍යස්ථාන 104ක් තුළ පුද්ගලයන් 16,934ක් රැඳී සිටින අතර , ගම්පහ දිස්ත්‍රික්කයේ ආරක්ෂිත මධ්‍යස්ථාන 104ක් තුළ පුද්ගලයන් 18,190ක් රැඳී සිටිති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!