ආපදාවෙන් විපතට පත් පාසල් දරුවන් සඳහා ජනාධිපති අරමුදල මඟින් තවත් රුපියල් 10,000ක මුදලක් ලබා දීමට නියමිත බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා පැවසීය.
කොළඹ දිස්ත්‍රික්කයේ ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව කියා සිටියේය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා,
කොළඹ දිස්ත්‍රික්කයේ ආපදාවෙන් පීඩාවට පත් පුද්ගලයන්ට රුපියල් 25000ක මුදල ලබා දීමට කටයුතු කළා. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රදේශයේ මුදල් ගිණුම්ගත කරලා තියෙනවා. ඒ සඳහා අයදුම්පත් 49000ක් පමණ ලැබිලා තියෙනවා. ඒවායින් ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ අනුව 46000ක් පමණ අනුමත කරලා තියෙනවා. නිලධාරීන් බොහොමයක් මේ අයහපත් තත්ත්වයට මුහුණ දීලා තියෙනවා. පැෆරල් සංවිධානය හා විශ්වවිද්‍යාල දරුවන්ගේ උදවුවෙන් මේ තොරතුරු පරිගණකගත කරලා තියෙනවා. මේ වනවිට 93%කට වැඩි ප්‍රමාණයක් මුදල් ගිණුම්ගත කරලා තියෙනවා. පාසල් දරුවන්ට හා ගෙදර බඩු හා මුළුතැන්ගේ බඩු ලබා දෙන්න අවශ්‍ය අයදුම්පත් ලබා ගනිමින් ඉන්නවා. දෙසැම්බර් 31 වැනිදාට ප්‍රථම මේ ආධාර මුදල් ලබා දී අවසන් කරන්න අපි කටයුතු කරනවා.
ජනාධිපති අරමුදල හරහා පාසල් දරුවනට තවත් රුපියල් 10000ක මුදලක් ලබා දීමට නියමිතයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් පාසල් ළමයින්ට ලබාදෙන රුපියල් 15000ක මුදල ලබා දුන් පසු එම නාම ලේඛනය ජනාධිපති අරමුදල වෙත භාර දුන් පසු ඉතිරි රුපියල් 10000 ලබා දෙන බව ජනාධිපතිවරයා අපව දැනුම්වත් කළා.
අයදුම්පත් ප්‍රතික්ෂේප වී තිබෙන්නේ යම් පුද්ගලයන් විසින් නිවාස කිහිපයකටම අයදුම්පත් ඉදිරිපත් කිරීම නිසා සහ අප ලබා දෙන්නේ එක් නිෙවසකට පමණක් වීම නිසා. තවද කුලියට හිටපු නිවාසවල නිවැසියන් ඉන් ඉවත් කර නිෙවස අයිති පුද්ගලයන් මේ සඳහා අයදුම් කර තිබීමයි. ගිණුම්වල අංක වැරදි ලෙස ලබා දුන් අයදුම්පත් අප තාවකාලිකව නවතා තිබෙනවා.
කුණු ඉවත් කිරීම සඳහා කෙරවලපිටිය ප්‍රදේශයේ අක්කර පහක ඉඩමක් මුල් අවස්ථාවේදීම අපි වෙන් කළා. ඒ නිසා ඒ පිළිබඳ ගැටලුවක් මතුවන්නේ නැහැ.
නෙරංජලා වික්‍රමසිංහ
Source – Dinamina







