BREAKING NEWS
Search

ඉන්දීය මහ කොමසාරිස් සහ අගමැති හරිනි අතර හමුවක්..!

407

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ්-ජා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (11) දිනයේ මෙම සාකච්ඡාව පවත්වා ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

නායකත්වය සහ සැලසුම් කිරීම සඳහා වන පුහුණු වැඩසටහන් ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා වී තිබේ.

දෙමළ මාධ්‍ය සඳහා පවතින ගුරු හිඟයට විසඳුම් සෙවීම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට ගෙන යාම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව ද සහභාගී වී තිබේ.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *