BREAKING NEWS
Search

ඉවත් කළ ආරක්‍ෂාව යළි දීමට හදන්නේ ඇයිද ප්‍රශ්නයක්..! – මහින්ද

962

තමාට ලබාදී තිබූ ආරක්‍ෂකයන් ඉවත් කළ වත්මන් ආණ්ඩුව යළි තමා වෙත ආරක්‍ෂාව ලබාදීමට තීරණය කර තිබෙන්නේ ඇයි දැයි යන්න ගැටලුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරුන්ගෙන් ඉවත් කළ ආරක්‍ෂාව යළිත් ලබාදීමට ආණ්ඩුව අදහස් කරන්නේ නම් තමාට එය ප්‍රතික්‍ෂේප කිරීමට ද අවශ්‍ය නැතැයි ද හිටපු ජනාධිපතිවරයා කීය.

හිටපු ජනාධිපතිවරුන්ට ආරක්‍ෂාව අවශ්‍ය බව ඕනෑම දරුවකුට පවා හැඟී යන බව ද එසේ තිබියදී එම ආරක්‍ෂාව ඉවත්කර යළිත් ලබාදීමට අදහස් කිරීම පිළිබඳව තමා අවධානය යොමු කළ බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. ‘අපිට යළි ආරක්‍ෂාව ලබාදීමට අවශ්‍ය නම් ඇයි අපේ ආරක්‍ෂාව ඉවත් කළේ…? අපට ඒකත් ප්‍රශ්නයක්. යළිත් ආරක්‍ෂාව ලබා දෙනවා නම් එපා කියන්නේ නෑ.

දැන් ඒගොල්ලන්ටම තේරිලා හිටපු ජනාධිපතිවරුන්ට ආරක්‍ෂාව අවශ්‍ය යැයි කියලා. ඔය කාරණය ඕනෑම කිරි දරුවකුට වුණත් තේරෙනවා.

නෝමන් පලිහවඩන




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!