BREAKING NEWS
Search

එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියට නම් කල ශ්‍රී ලංකා සංචිතය මෙන්න..!

2964

එළැඹෙන එංගලන්තය සමග එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කරන්නට ඉඩ තිබෙන ශ්‍රී ලංකා සංචිතය Daily FT වෙබ් අඩවිය ඔස්සේ වාර්තා කරලා තියෙනවා.

ඒ අනුව,

පැතුම් නිශ්ශංක
කමිල් මිෂාර
කුසල් මෙන්ඩිස්
පවන් රත්නායක
චරිත් අසලංක ( නායකයා )
ජනිත් ලියනගේ
කමිඳු මෙන්ඩිස්
දුනිත් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩර්සේ.
අසිත ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම
ඒෂාන් මාලිංග
ප්‍රමෝද් මධුෂාන්
වනිඳු හසරංග
මිලාන් රත්නායක

යන ක්‍රීඩකයින් සංචිතයේ ඉන්නවා.

දුනිත් වෙල්ලාලගේ සහ මිලාන් රත්නායක සංචිතයට කැදවා තිබීම විශේෂයි. අපි 2027 ලෝක කුසලානයට ලෑස්ති වෙනවා නම් මේ දෙන්නා ගැන විශේෂයෙන් හිතන්න වෙනවා.

දුනිත් කියන්නේ අනාගත නායකයෙක්… එයාව එහෙම ලේසියෙන් අතහරින්න බැ.. එතකොට මිලාන්… ඊලග එක්දින ලෝක කුසලානය තියෙන්නේ දකුණු අප්‍රිකාවේ නිසා වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වෙච්චි මිලාන්ලා සම්පත්…

මේ සංචිතයේ දුෂ්මන්ත චමීර නැ.. එයා සුලු ආබාධයක් නිසා විවේක ගන්වලා තියෙන්නේ… පෞද්ගලිකව රිෂී කැමතියි අපි මේ තරගාවලියේ වැඩිය Risk එකක් ගන්නේ නැතුව පැතුම් නිස්සංක සහ වනිඳු හසරංගත් විවේක ගැන්වුවා නම්…

මොකද ඒ දෙන්නා අපේ T20 කන්ඩායමේ ප්‍රධාන තුරුම්පු. ඉතිං ලෝක කුසලානයත් ලගම එද්දී නිතරම වගේ ආබාධ වලට ගොඳුරු වෙන මේ දෙන්නව පරිස්සම් කරන එක වටිනවා.

වනිඳුගේ අඩුව පුරවන්න අපිට වැන්ඩසේ වගේ ඔප්ෂන් තියෙද්දි අපි ඒ චාන්ස් එක ගත්තේ නැති එක අපරාදේ… තාම පුළුවන් ස්කොඩ් එකේ හිටියට මේ දෙන්නව හරියට මැනේජ් කරන්න.

සංචිතයට අනුව XI

සදීර සමරවික්‍රම
කමිල් මිෂාර
කුසල් මෙන්ඩිස්
පවන් රත්නායක
චරිත් අසලංක
ජනිත් ලියනගේ
කමිඳු මෙන්ඩිස්
දුනිත් වෙල්ලාලගේ
ජෙෆ්රි වැන්ඩසේ
මහීෂ් තීක්ෂණ
අසිත ප්‍රනාන්දු

තරග 3ම තියෙන්නේ ප්‍රේමදාස කුඹුරේ නිසා සහ ඔපසිශන් එක එංගලන්තය නිසා Spin Option තුනක් තියාගෙන ගියත් පාඩු නැ… 🌝❤️

පැතුම් – වනිඳු නැතුවත් අපිට ක්‍රීඩා කරන්න පුළුවන් ! බලමු ඒ දෙන්නව පරිස්සම් කරලා අපිට මේක ගහන්න පුළුවන්ද කියලා..

✍ | Rishie Bro




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!