කංජිපානි ගේ මීළඟ ඉලක්කය දේශබන්දු – පොලිසියෙන් දැනුම් දීමක්..!

adminape

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන කංජීපානි ඉම්රාන් පොලිස්පති දේශබන්දු ඝාතනය කිරීමේ සූදානමක් ඇතැයි පොලිසිය විසින් දැනුම්දීමක් සිදුකර තිබේ.

අතුරුගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයා ඊයේ පස්වරුවේ පොලිස්පති දේශබන්දුගේ නිවසට ගොස් ඒ බව දැනුම් දී ඇතැයි වාර්තාවේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්වීමත් සමඟ ඔහුගේ ආරක්ෂාව මුළුමනින්ම ඉවත්කර ඇති අතර ඇප ලබාදීමෙන් අනතුරුව තවමත් ආරක්ෂාව සපයා දී නැති බවද වාර්තා වේ.

මේ තත්ත්වය පිළිබඳ වැඩ බලන පොලිස්පතිවරයා විසින් පහළ නිලධාරීන් වෙත ලිඛිතව දන්වා ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ.

උපුටා ගැනීම : The Leader

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *