BREAKING NEWS
Search

කටුනායක ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීමෙන් වළකින්න.

1897

කටුනායක ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ කළමනාකරණ අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඔහු පවසා සිටියේ, මෙය නොසලකා හරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අරුණ රාජපක්ෂ මහතා,

“ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීම මගින් ගුවන් යානාවලට, ගුවන් මගීන්ගේ ජීවිතවලට දැඩි අවදානම් තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා.

එමනිසා අපි ඉල්ලා සිටිනවා ගුවන්තොටුපොළ අවට ප්‍රදේශය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස.

ඒ වගේම අඩි 300ට වඩා වැඩි ඉහළකින් සරුංගල් යැවීම සිදුවුවහොත් ඒ සඳහා නිත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීමට සිදුවෙනවා” යනුවෙන් පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!