BREAKING NEWS
Search

ගංවතුර, නායයම් බලන්න ට‍්‍රිප් එන්න එපා..! – පොලිසිය

533

අනාරක්ෂිතව පවතින ස්ථාන නැරඹීමට නොපැමිණෙන ලෙසට පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.

දිවයිනට බලපා තිබෙන හදිසි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විනාශ වූ සියලු මාර්ග සහ පාලම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ සියලු කටයුතු මේ වන විට මාර්ග සංර්වර්ධන අධිකාරිය විසින් ආරම්භ කර ඇතැයිද නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සදහන් කරයි.

එලෙස විනාශ වූ ස්ථාන නැරඹීමට අවට මහජනතාව විශාල වශයෙන් පැමිණෙන බවට මේ වන විට නිරීක්ෂණය වී ඇති බවත් එසේ පැමිණීම ඉතා අනාරක්ෂිත තත්ත්වයක් වන බැවින් විනාශයට පත් පාලම් මාර්ග ඇතුළු අනාරක්ෂිතව පවතින ස්ථාන නැරඹීමට නොපැමිණෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *