BREAKING NEWS
Search

ගස් කැපීමේ බලපත්‍ර සඳහා අවශ්‍ය වාර්තාව ලබාදීමට අල්මාරියක් අල්ලසක් ලෙස ඉල්ලූ ග්‍රාම නිලධාරිනියක් අත්අඩංගුවට..!

1181

ගස් කැපීමේ බලපත්‍ර සඳහා අවශ්‍ය වාර්තාව ලබාදීමට පුද්ගලයෙකුගෙන් අල්ලස් ලබාගත් සියඹලාණ්ඩුවේ ග්‍රාම නිලධාරීනියක් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් කොමිසම සඳහන් කළේ,

අදාළ පුද්ගලයා කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකදී ඇය අත්අඩංගුවට ගත් බවයි.
ග්‍රාම නිලධාරීනිය, හිටිගස් වාර්තාව ලබාදීම සඳහා රුපියල් 23,000ක් පමණ වටිනා අල්මාරියක් පැමිණිලිකරුගෙන් ඉල්ලා තිබේ.

ඇය දැනුම්දී ඇත්තේ, එම මුදල අදාළ වෙළෙඳසැලට ගෙවා බිල්පත තමාට ලබාදෙන ලෙසයි.

අනතුරුව අදාළ ග්‍රාම නිලධාරීනිය බිල්පත ලබාගෙන පැමිණිලිකරුට හිටිගස් වාර්තාව දී ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කළේ ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!