BREAKING NEWS
Search

ජනාධිපතිට එක්වුනේ මේක වෙයි කියලා දැනගෙනමයි..!

107

තමන් අතහැරීම ප්‍රගුණ කළ පුද්ගලයකු වන නිසා ඇමති ධූරය අත හැරීම එතරම් දෙයක් නොවන බව හිටපු සංචාරක ඉඩම් ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

තමන් අමාත්‍යංශ හතරක රාජකාරි ඉතා හොඳින් සිදු කල බව විශ්වාස කරන බවද හෙතෙම අද සිය අමාත්‍යංශයේ නිලධාරීන් අමතමින් පැවසීය.

අධිකරණයෙන් ලද නියෝගයට ගරු කරන බවත් තමන් ජනාධිපතිවරයාට සහාය දීමට එකතු වූයේ මෙවන් දෙයක් විය හැකි බව දැනගෙනම බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.

තමන්ට අමාත්‍ය ධුරයෙන් ඉවත් කලද පුරවැසිබාවයෙන් ඉවත් කල නොහැකි බවද පැවසූ ඔහු ඉදිරියේදී තවදුරටත් රට වෙනුවෙන් සේවය කරන බවද කියා සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *