BREAKING NEWS
Search

ට‍්‍රම්ප්ගේ නව බදු ගිවිසුම් ලයිස්තුවේ ලංකාව නෑ..?

5729

ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් නව තීරු බදු අනුපාත සදහ අත්සන් තබන ලද බදු ගිවිසුම් වලට ලංකාව ඇතුළත් නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

දැනට ලැබී යුතු තොරතුරු අනුව ශ්‍රී ලංකාව එම ලැයිස්තුවට ඇතුළත් කිරීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කර නැති බවද ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

‘ඇමරිකාවේ තීරු බදු ලෝකෙටම ගැහුවා. එතකොට චීනය කතා කරලා ඒක සමථයකට පත් කර ගත්තා. ඉන්දියාවේ කතා කරලා මෝදි කෙලින්ම ට්‍රම්ට කතා කරල ඒක සමථයකට පත් කරගත්තා. පෙරේදා දවසේ වාර්තා වුනා වියට්නාමය 46%කට බදු 20%කට අඩු කරගත්තා කියලා.

ඊයෙ වාර්තා වුණා තවත් රටවල් 12කට ට්‍රම්ප් බදු ගිවිසුම් වෙනස් කරන්න අත්සන් යෙදුවා කියලා. හැබැයි ලංකාවට ඒ සහනය තියෙනවද අපිට තියෙන තොරතුරු අනුව නම් නෑ.

ආණ්ඩුවේ ඇමතිවරැ විවිධ බේගල් බොරු කියනවා. මේගොල්ලෝ කියපු බේගල් වල හැටියටයි කියන බේගල් වල හැටියටයි මේ කියන ඒවා ගැන කිසිම විශ්වාසයක් නැහැ.

නමුත් ඇපට වාර්තා වෙන තොරතුරු අනුව ආර්ථික තොරතුරු අනුව ටරම්ගේ ලිස්ට් එකේ ලංකාව නැහැ. සහන දෙන ලිස්ට් එකේ නෑ’




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!