Wed. Apr 30th, 2025

ටෙස්ලා සමාගමේ ලාභය පහතට – ඊලෝන් මස්ක් ට්‍රම්ප් හැරයාමට සූදානම් වෙයි.

ට්‍රම්ප් පරිපාලනය සමඟ සම්බන්ධ වීමෙන් පසුව, ටෙස්ලා සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් ගේ ආදායම ශීඝ්‍රයෙන් පහළ වැටී ඇති බවත්, ඒ හේතුව මත, ඔහු ධවල මන්දිරයෙන් ඉවත් වී සිය ව්‍යාපාර කටයුතු කෙරෙහි වැඩි කාලයක් වෙන් කිරීමට තීරණය කර තිබෙන බවත් වාර්තා වේ.

බලයට පත් වීමෙන් පසුව, රාජ්‍ය පරිපාලනයේ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම සදහා ට්‍රම්ප් ජනාධිපති ධවල මන්දිරය තුළ වෙනම ඒකකයක් ස්ථාපති කළේ ය. ඩෝජ් යනුවෙන් හදුන්වන මෙම විශේස ඒකකය මෙහෙයවනු ලබන්නේ ඊලෝන් මස්ස් විසිනි.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ විශ්වාසවන්තම සගයා බවට ඔහු පත්ව සිටින බැවින්, ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව එල්ල වෙමින් පවතින දැවැන්ත විරෝධය ඊලෝන් මස්ක් දෙසටත් යොමු වී තිබේ. එය, මස්ක්ගේ ප්‍රධානතම ව්‍යාපාරය බවට පත්ව තිබෙන ටෙස්ලා විදුලි මෝටර් රථයේ අලෙවිය කෙරෙහිද දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බව වාර්තා වේ.

ටෙස්ලා සමාගමේ ලාභය මේ වසරේ මුල් කාර්තුව තුළ පසුගිය වසරේ අදාල කාලයට සාපේක්ෂව 70% කින් පහත වැටී තිබේ.

චීන ආනයන මත ට්‍රම්ප් පරිපාලනය විසින් පනවා තිබෙන ඉහළ තීරු බදු අනුපාතය ද, ටෙස්ලා සමාගම මත දැඩි බලපෑමක් එල්ල කර ඇති බව වාර්තා වේ.

ටෙස්ලා සාමගම ඔවුන්ගේ විදුලි මෝටර් රථය එකලස් කිරීම එක්සත් ජනපදය තුළ සිද්ධ කළත්, එම මෝටර් රථය සදහා අවශ්‍ය බොහෝ කොටස් ටෙස්ලා සමාගම ආනයනය කරනු ලබන්නේ චීනයෙනි.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *