Wed. Apr 30th, 2025

දීපු මනාපෙට සාධාරණයක් ඉටු කරමින් ඇමති නලින්ද සල්ලි ඉතිරි කරපු හැටි..!

වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු නාස්තිය අවම කර ඇති බවත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා විසින් පමණක් මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් ඉතිරි කර ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

‘දෙරණ 360’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

“මම ඇමති වැටුප ගන්නේ නෑ. මම මන්ත්‍රී දීමනාව ගන්නේ නෑ. V 8 ඇතුළු මට එක තැනක වාහන තුනක් තියෙනවා, තව තැනක තුනක් තියෙනවා, තව තැනක දෙකක් තියෙනවා නමුත් අපි ඒ වාහන ඔක්කෝම පැත්තකට දාලා මම සාමාන්‍ය වාහනයක් පාවිච්චි කරන්නේ. ඇමතිවරයෙකුට ලබාදෙන තෙල් කෝට් එක භාගෙට භාගයක් අඩු කරලා තියෙනවා. අපි ඇමති නිල නිවාස පාවිච්චි කරන්නේ නෑ. මේ ආකාරයෙන් ගත්තහම අපි විශාල මුදලක් ඉතිරි කරලා තියෙනවා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකයා ලෙස මීට පෙර සිටිය කෙනා පෞද්ගලික කාර්ය මණ්ඩලයට විතරක් වියදම් කරලා තියෙනවා මාසෙකට රු ලක්ෂ 76ක් වියදම් කරලා තියෙනවා. මම ගියාට පස්සේ මාසෙකට ලක්ෂ 2යි. එතකොට මාසෙකට ලක්ෂ 74ක් ආණ්ඩු පක්ෂ කාර්යාලයේ විතරක් මම ඉතුරු කරලා තියෙනවා.

අපි භාණ්ඩාගාරයට දෙන මුදල් පහළට ඇවිල්ලා ප්‍රාදේශීය සභාවට ආවහම එතැන ඉන්න කෙනා පාලමක්, බෝක්කුවක් හදන්න ගිහින් ඒ මුදල් නාස්ති කරනවා නම් ඒකට ඉඩදෙන්න අපි සුදානම් නෑ. අපි කරන කැපකිරීමටත් ඒක බරපතළ නිග්‍රහයක් අවමානයක්. අනික ජනතාවත් ඒක අනුමත කරන්නේ නෑ. අපි කිව්වා හොරකම් කරන්න අපි සල්ලි දෙන්නේ නෑ. ඒකට දෙතුන් සැරයක් නෙමෙයි දහස් සැරයක් හිතන්න ඕනේ.”

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *