BREAKING NEWS
Search

දෙන්නෙක් එවලා නිකන් ඉන්න තියෙද්දි හුරුළු රක්ශිතයේ ගින්න නිවපු ගල්ඔය පොලිසියේ ස්ථානාධිපතිතුමා.

1489

පොලිසිය සහ එහි රාජකාරි කරන ඇතැමුන් ගැන අපිට අහන්න ලැබෙන්නේ එතරම් සුභවාදී ජනතා ප්‍රතිචාර නම් නෙමේ. සුලු දෙනෙක් එසේ ජනතාවගේ පිළිකුලට භාජනය වෙද්දි, ඇතැම් පොලිස් නිලධාරීන් සිදු කරන සුලු වැඩකින් පවා ජනතාවගේ ආදරය දිනා ගන්නේ ඇසිල්ලකිනි.

මේ එලෙසින් ගෞරවයට පාත්‍රවූ සිදුවීමක් ගැන ෆේස්බුක් සමාජ ජාලාවේ තැබූ සටහනකි.

“ඊයේ ශශින් අයියටයි, මටයි ගල්ඔය පොලිසියට සහ කවුඩුල්ල පාක් එකට යන්න වුනා අපි 16 දට කවුඩුල්ල මේන් ගේට් එක ඉස්සරහා සංවිධානය කරගෙන ඉන්න නිහඬ විරෝධතාවයට අවසර ගන්න වැඩ වලට…

මේ පහල පොටෝ එකේ ඉන්නේ ගල්ඔය පොලිසියේ ස්ථානාධිපති තුමාව තමයි අපි මුලින්ම ගිහින් හමුවුනේ.. අපි අපේ පරිසර සංවිධානය ගැන කියලා, අපේ අරමුණ පැහැදිලි කරාම එතුමා ඉතා උනන්දුවෙන් මේ ගැන කතා කරා..කොටින්ම අපි එච්චර දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි ගියේ..

හැබැයි එතුමා ඉතාම හිතවත් වෙලා ගල්ඔය ප්‍රදේශයේ මේ වෙනකම් එතුමාට අලි- මිනිස් ගැටුම සම්බන්ධව තියෙන වටිනා අද්දැකීම් සහ එතුමා ගාව තියෙන තොරතුරු පවා අපි එක්ක බෙදා ගත්තා වගේම අපිට එතුමාට කරන්න පුළුවන් සහයෝගයක් කරන බව කිව්වා..

අපි බලාපොරොත්තුවත් නොවුන ඒ සුහඳ කතාබහ ඉවර වෙලා එලියට එද්දි ශෂීන් අයියයි මායී කතා වුනා අපි හිතුවට වඩා සෑහෙන්න හොඳ ප්‍රතිචාරයක් අපිට ලැබුනා නේද කියලා..කෝමත් අපි දෙන්නටම මෙච්චර කාලෙකට තියෙන අද්දැකීම් එක්ක අපේ හිත්වල ලංකාවේ පොලිස්සිය ගැන සුබවාදී අදහසක් තිබිලා තියෙන්නේ සෑහෙන්න අඩුවෙන් බව අපි දෙන්නව දන්න මිනිස්සුන්ටනම් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ..!!

අපි කවුඩුල්ලේ වැඩටික ඉවර කරගෙන ආයෙමත් යද්දි දවල් 2.30ට වගේ හුරුළු රක්ෂිතේ ඈත ගිණි ගන්නවා දැක්කාම අපි ඉක්මනින් එතනට දිව්වා..මුලින්ම අපි යද්දි වනසංරක්ෂණ දෙපාර්තුමේන්තුවෙ හතර පස් දෙනෙක් ගින්න නිවන්න ලොකු උත්සහයක් ගන්නවා..ඒ වෙලාවෙන් පස්සේ මම ශෂීන් අයියා ගින්න මැදින් නොපෙනී ගියා විතරයි දැක්කේ ආයේ පැයකින් වගේ ගින්න නිවලා තමයි දාඩිය පෙරාගෙන ශෂීන් අයියා එලියට ආවේ.. අපි එතනට ගිහින් විනාඩි 10ක් වගේ යද්දි ගල්ඔය පොලිස්සියෙන් එතනට ඇවිත් එයාලත් ගින්න නිවන්න හවුල් වුනා..
මම පාරට කිට්ටුවෙන් කොළ අතු වලින් ගින්න නිවලා තව අත්තක් කඩා ගද්දි මම දැක්කා උදේ ගල්ඔය පොලිස්සියට ගිහින් හම්බුන ගල්ඔය පොලිස්සියේ ස්ථානාධිපතිතුමා වතුර කෑන් එකක් උස්සගෙන දුවනවා..දුමත් එක්ක පැහැදිලිව නෝපෙනෙන නිසා මම ආයේ හොදින් බැලුවා..

ආයේ මම එතුමාව දැක්කේ ශෂීන් අයියත් එලියට ආවට පස්සේ..

ශෂීන් අයියා ඇවිත් කිව්වා,

“දැක්කද O.ඓ.C මහත්තයා ඇවිත් හිටියා.මාර මනුස්සයෙක් තමයි..දෙන්නෙක් එවලා ඉන්න පුළුවන්කම තියෙද්දි ඇවිත් වතුර ගෙනත් ගින්නත් නිව්වා..”

ඊට පස්සෙ තමයි අපිත් ඒ පැත්තට ගිහින් කතා කරේ.එතකොට අපිව දැකලා.. “අහ් ඔය දෙන්නත් මෙතනද” කියලා කිතා කරාම වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවෙ අය කිව්වා මේ දෙන්නා විතරයි උදව්වට ආවේ කියලා..

එවලෙත් එතුමා අපට ස්තූති කරා..මම මේ පොටෝ එක ගත්තේ ආයෙමත් ගිනි පොකුරක් උඩට ඇවිත් මාන ටිකකට ඇවිලෙන්න පටන් ගත්තාම එතුමා ගිහින් ඒක නිවද්දි..

මේ පොටෝ එක ගන්නවා එතුමා දන්නෑ..මම එතුමා ෆේස්බුක් ඉන්නවද නැද්ද කියලා දන්නෙත් නෑ..ඒ නිසා සමහරවිට එතුමා මේක දකින් නැති වේවී..මෙහෙම පෝස්ට් එකක් එතුමා ගැන ලියලා තියෙනව කියල දන්නෙත් නැති වේවී…
ඒත් මේක කියවන ඔයාලටත් “පොලිස්” කිව්වාම සමස්ථ පොලිස්සිය ගැනම තිබුන අදහස වෙනුවෙන් මම මේ පෝස්ට් එක ලියන්නේ…

ඔබතුමා වැරදිලාවත් මේ පෝස්ට් එක දකිනවනම්..,
මොන සංගමේකවත් තනතුරක් දරන කෙනෙක් විදියට නෙවෙයි මම මේ පෝස්ට් එක ලියන්නේ ජීවත්වෙන කාලය පුරාම මේ බිමට,සතා සිවුපාවට ආදරේ කරන ඉතා සාමාන්‍ය සිවිල් මනුස්සයෙක් විදියට…

ස්ථානාධිපතිතුමා…,,, අනේක වාරයක් ස්තූතියි…!!!!
කොහේදිහරි ඔබතුමාව නැවත හමුවීමේ බලාපොරොත්තුවක් මට තියෙනව…💚

නදී තේනුවරගේ ෆේස්බුක් සටහනක් ඇසුරෙනි,

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!