BREAKING NEWS
Search

නන්දන වෙනුවෙන් සාක්‍ෂි දෙන්න ජවිප දේශපාලන මණ්ඩලයේ හිටපු හයක්..!

3545

තමන් ඉදිරිපත් කරන කාරණා සනාථ කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය නියෝජනය කළ හය දෙනෙකු සහ මධ්‍යම කාරක සභිකයන් ලෙස කටයුතු කල ඊට වඩා පිරිසක් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් නන්දන ගුණතිලක මහතා සඳහන් කරයි.

අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් රංග දිශානායක මහතා පත් කිරීම ගැක ඔහු විසින් කලින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් එල්ල වන විවේචනයකට ප්‍රතිචාර ලෙස ඔහු තම සමාජ ජාල ගිණුමේ මෙම සටහන තබා ඇත.

සියළු චෝදනාවන්හි ඇත්ත නැත්ත දැන ගැනීමට තමන් උසාවි ගෙන යන ලෙසද ඔහු අභියෝග කරයි.

ස්වාධීන බව :
ඵියරත්නෙ ඛරියවසම් මහතාට :
මහින්ද දේශප්‍රිය නම්වූ , තම වටිනාකම ස්ව කැමැත්තෙන් පිරිහෙලාගණිමින් ඉන්නා අපේ මිත්‍රයා , මා ගැන යෝජනා කරන පරිදි මට ඩිමෙන්ශියා තත්වය තවම නැත …!!!
අභාග්‍යයකි…!!!

මේ කාරණය පිළිබඳව තවම මා නොකී කරුණු තව බොහෝ ඇත. මෙය අයිස් බර්ගයක් වැනියැයි සිතාගත්තාට කමක් නැත . ඔබට දැන් එහි උඩ කොටස පෙනේ ..
ජලයෙහි ගිලී ඇති කොටස වැදගත්වන්නේ අධිකරණයේ විභාගයකටය. ඒ කොටස ඔබ කවුරුත් සිතනවාට වඩා බොහෝසෙයින් විශාලය ..!!!

ඔහු අප සමග සිට් බව දන්නා දේශපාලන මණ්ඩල සභිකයන් 6 දෙනෙකු ම එළියේ සිටී. මධ්‍යම කාරක සභිකයන්ද ඊට වඩා සිටී.
මා යතුර දමන්නේ අසත්‍යය ම පිරි කාමරයක දොරකටය ..
මා එන්නේ දේශපාලන සහ තාක්ෂණික යන දෙවර්ගයේම කරුණු රැසක් සහිතව බව ඔවුනට සිහිපත් කිරීමට කැමැත්තෙමි ..!!!
ඔවු නට ණැන නුවණ පහළ වේවා ..!!!
ආමේන්..!!!

ලංකා සී නිව්ස්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *