BREAKING NEWS
Search

පනත සම්මතයි.. මහින්ද විජේරාම අතැර එලියට බහී.. මැදමුලනට ආපසු යයි..!

6106

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අවසානයේ කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් සහ විරුද්ධව ඡන්ද 01ක් ලැබින.

ඒ අනුව ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මත විය.

පනතට විරුද්දව ඡන්දය දුන් එකම මන්ත‍්‍රීවරයා වූයේ චාමර සම්පත් දසනායකයි.

මැදමුණේ සිය නිවසට යාමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා කියා සිටියි.

හිටපු ජනාධිපතිවරුන්ට වරප්‍රසාද කපා දැමීම ගැටළුවක් නැති නමුත් හිටපු ජනාධිපතිවරුන්ට ප‍්‍රමාණවත් සාධාරණ ආරක්ෂාවක් ලබා දිය යුතු බවද ඔහු සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ වරප්‍රසාද අඩු කිරීමට කොටි ඩයස්‌පෝරාව ඉතා කැමති බවත් මේ සිදුකරමින් සිටින්නේ එම ඩයස්‌පෝරාවට ලබා දුන් පොරොන්දු ඉටිකිරීමත් බවත් හෙතෙම පැවසුවේය.

අද පාර්ලිමේන්තුවේදී පැවති පනත් කෙටුම්පත විවාද අවස්ථාවට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!