BREAKING NEWS
Search

පරීක්ෂා කර ආරක්ෂාව තහවුරු කරනතුරු නිවෙස්වලට යන්න එපා..!

720

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් පරීක්ෂා කර නිගමන ලබා දෙන තුරු නිවෙස්වලට නොඑන ලෙස එම සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.

අදාළ නිලධාරීන් පැමිණ නිශ්චිතව සිදු කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳව දැනුවත් කර නිගමනය ලබා දෙන තෙක් එනම් නිවාසවලට යා හැකි බව තහවුරු කරන තෙක් බෙහෙවින්ම අනාරක්ෂිත ස්ථානවල සිටින ජනතාව එම ස්ථානවලට නොඑන ලෙස මෙහිදී ඔහු උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව දැඩි අනාරක්ෂිත තත්ත්වයෙහි සිටි ජනතාව තවදුරටත් කඳවුරුවලම රැදී සිටින ලෙසද ආචාර්ය වසන්ත සේනාධීර මහතා ඉල්ලීමක් කර ඇත.

දිස්ත්‍රික් 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 70කට නිවේදනය කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන සහ ඉවත් වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බව එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම වර්ශාව අධිකව ලැබුණු සෑම ස්ථානයක්ම ජලයෙන් සංතෘප්ත වී ඇති හෙයින් ඉදිරි දින කිහිපයේ දී වුවද නායයෑමක්, ගල් පෙරළීමක්, කන්ඩි කඩා වැටීමේ හැකියාවක් පවතින බවද වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය.

ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ පොළොවෙන් නුහුරු සද්ද සහ ජල උල්පත් ඇතිවීම නැතිවීම යන ලක්ෂණ දුටුවහොත් එම ස්ථානයන්ගෙන් වහාම ඉවත්වන ලෙසය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!