BREAKING NEWS
Search

ප්‍රකාශයක් දෙන්න ඉරාජ් CIDයට..!

281

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමක් මත ප්‍රකාශයක් ලබාදීමට ප්‍රසිද්ධ රැප් ගායක ඉරාජ් වීරරත්න මහතා අද (26) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශය වෙත පැමිණියේය.

එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ ඊයේ (25) දිනයේදී තමා සුදත්ත තිලකසිරි මහතා සම්බන්ධයෙන් තමාගේ යූටියුබ් නාලිකාව හරහා සිදුකළ හෙළිදරව්වක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස කැඳවූ බව තමා සිතන බව ද පැවසීය.

දළදා මාලිගාවට මුදල් ලබාදෙන ලෙසට වංචනික ලෙස සිදුකළ ඉල්ලීමක් සම්බන්ධයෙන් තමා අදාළ දැනුවත් කිරීම සිදුකළ බව ද පැවසු ඉරාජ් වීරරත්න මහතා, අදාළ වීඩියෝව ලෝකේ වටේ සිටින ශ්‍රී ලාංකිකයින් බහුතරයක් නරඹා ඇතැයි ද කියා සිටියේය.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!