BREAKING NEWS
Search

පාතාලය හා සබඳතා පවත්වන දේශපාලනඥයින් ගැන විමර්ශන ඇරඹෙයි..!

1891

ඉෂාරා සෙව්වන්දි ඇතුළු පසුගිය කාලයේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් සහ ඊට සම්බන්ධ පිරිසගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ පාතාලය හා සම්බන්ධ දේශපාලකයන් ගැන තොරතුරු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද (18) පාර්ලිමේන්තු අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවය.

එසේම, තවත් සංවිධානාත්මක අපරාධකරුන්ව 80කට රතු නිවේදන නිකුත් කර ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය සමග මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා කියා සිටියේය.

පසුගියදා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් බව පැවසෙන පිරිසගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අගෝස්තු 30වන දිනෙන් පසුව T56 ගිනිඅවි 07ක්, T81 ගිනිඅවි එකක්, පිස්තෝල 06ක්, රිවෝල්වර 09ක්, වෙනත් අවි දෙකක් සහ උණ්ඩ 909ක් ද සොයාගත් බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!