පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු අනුමැතිය පිණිස ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. මෙමගින් ජාතික රාජ්‍ය සභාවේ 1971 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සම්පූර්ණයෙන් ඉවත් කිරීමට නියමිතය.
මෙම නව පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණ වනුයේ පාර්ලිමේන්තුවට තේරී පත්වන මහජන නියෝජිතයන්ට මෙන්ම ඔවුන්ගේ කලත්‍රයන්ට දැනට හිමිව ඇති විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි කර දැමීමයි.
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට සහාය දැක්වූ ජනතාවට ලබා දුන් පොරොන්දුවක් ඉටු කිරීමක් ලෙස මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා වන ප්‍රතිපත්තිමය අනුමැතිය 2025 ජූනි 16 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දී තිබුණි.
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබූ අදාළ පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ ද නිෂ්කාශනය මේ වන විට ලැබී ඇත.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව, මෙම පනත් කෙටුම්පත පළමුව රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.







