BREAKING NEWS
Search

පාසල්වල පීරියඩ් හතට බස්සයි – කාලය විනාඩි පනහට නග්ගයි..!

4647

ලබන වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු වසරේ සිට හය වසර දක්වා පාසැල් සිසුන් සඳහා කාල පරිච්ඡේදයක කාලය විනාඩි පනහක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බවත් දැනට පවතින කාල පරිච්ඡේද අට හතක් දෙනවා දක්වා අඩු කිරීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

2026 වර්ෂයේදී හඳුන්වා දීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග කාල පරිච්ඡේද විනාඩි පනහක් දක්වා ඉහල දැමීම ආරම්භ කරන බව අධ්‍යපන අමාත්‍යංශයේ ලේකම් නාලක හුළුවැව මහතා සඳහන් කළේය.

ඒ සමගම පාසලක දිනකට කාල පරිච්ඡේද ප්‍රමාණය හතක් දක්වා අඩුවන බවත් හෙතෙම කියා සිටියේය.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!