(ගයාන් සූරියආරච්චි)
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවැසීය.
ඒ කිරිබත්ගොඩ, සපුගස්කන්ද ප්‍ර දේශයේදී තවත් මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙනි.
එම අනතුරින් කාන්තාවන් දෙදෙනකු සහ මාස 6 ක බිලිදකු තුවාල ලබා රෝහල් ගත ඇත.
හිටපු කථානායකවරයාද කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී සපුගස්කන්ද පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
අනතුරක් වළක්වා නොගැනීම සහ අන්තරාදායක ලෙස රියැපැදවීම යන වරැදි යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි වුට්ලර් මහතා කීය







