අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමඟ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දුරකතනයෙන් කතා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
අදාල ඉල්ලීම හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ ප්‍රධානියකු මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු වෙත දුරකතන ඇමතුමක් ඔස්සේ යොමු කර තිබින.
නමුත් රැඳවුම් නියෝගයක් මත රඳවා සිටින සැකකරුවකු සමඟ එසේ දුරකතනයකින් කතාබහ කිරීමට අවස්ථාවක් දිය නොහැකි බව එම නිලධාරියා දන්වා තිබින.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත යොමු කර ඇත්තේ යැයි පැවසෙන්නේ ඔහුගේ ආරක්ෂාව භාරව සිටින පෞද්ගලික පොලිස් ආරක්ෂකයාය.
ඒ සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරියාගෙන් ප්‍රශ්න කර අනතුරුව හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගනු ඇතැයිද වාර්තා වේ.







