BREAKING NEWS
Search

පේරාදෙණිය පශුවෛද්‍ය වරුන්ගේ ප්‍රතිකාරවලින් පසු භාතියගේ යම් ප්‍රගතියක් – ඔබ ඉන්න තැන ඉඳන් සුවය පතන්න..!

2304

රෝගාතුර වී අසාධ්‍ය තත්ත්වයේ පසුවන භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීම අදත් සිදුකෙරුණු අතර පශු වෛද්‍යවරුන් පවසන්නේ හස්තියාගේ යම් ක්‍රියාකාරී මට්ටමක් දක්නට ලැබෙන බවය.

භාතිය හස්තියා සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පශු වෛද්‍ය තරිඳු විජේකෝන්,

“ප්‍රතිකාර ලබාදෙන තුන්වන දවස අද. අද අපි ප්‍රතිකාර ලබාදෙනකොට යම්තාක් ප්‍රගතියක් මෙයා පෙන්නවා කියලා හිතනවා. හේතුව හොඬෙන් වතුර අරගෙන එයා ඇගට වතුර ගහගන්නවා. ඔළුව දෙපැත්තට හොල්ලනවා. අත්වල සහ කකුල්වල චලන යම් මට්ටමමක වර්ධනයක් තිබෙනවා.

තාමත් අපිට මේයාගේ තත්ත්වය සම්බන්ධයෙන් අවිනිෂ්චිතාවයක් තමයි තියෙන්නේ. නමුත් ඊයේ දිනට සාපේක්ෂව ඇතාගේ යම් ප්‍රගතියක් අද උදේ වෙනකොට නිර්කිෂණය කරන්න පුළුවන්. ඊට අමතරව ඇතා දැන් සුපුරුදු රිද්මයකින් කෑම කන්න පටන් ගන්නවා. ගමේ මනුස්සයෝ කෑම අරගෙන මෙයාව ඉතාම ආදරයෙන් බලන්න එනවා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!