පොල් පෝලිම්වලට වගකියන්න ඔ්න අප නොවේ.. මහින්දයි.. රනිලුයි..!

admin

රට තුළ පොල් පෝලිම් ඇතිවීමට වගකිව යුත්තේ රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

”දැන් කියනවා අපි ඇවිල්ල පොල් පෝලිම් ඇති කරල කියල. ලෝකයේ කොහෙවත් තියෙනවද පොල් පැළේ හිටවල මාසෙකින් පොල් ගෙඩි කඩන රටක් අනුර කුමාර දිසානායක ඇවිල්ලා මාසෙන් ගෙඩි හැදෙනව නම් ඒක කිවුවට කමක් නෑ.

ඒ නිසා මේ රටේ පොල් පෝලිම් ඇතිවෙන්න හේතුවට වගකියන්න ඕනෑ රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ. ඒ අය කරපු වැරදි වැඩ නිසයි පොල් හිඟය ඇතිවෙලා තිබෙන්නේ . ඒ අය පොල් ඉඩම් කට්ටි කඩපු නිසයි. පොල් වලට පොහොර නොදුන්න නිසයි.

ඒ නිසා පරාජිත මේ රට විනාශ කරපු දූෂිත දේශපාලකයන් නැවත මේ අලුත් පාර්ලිමේන්තුවට යැවීම සඳහා ඔබලා කටයුතු කරන්න එපා. මේ රට ගොඩ නැගිය හැකි දක්ෂ, උගත්, දූෂණයෙන් තොර මාලිමාවේ බහුතර පිරිසක් පාර්ලිමේන්තුවට යැවීම සඳහා මේ මහ මැතිවරණයේදී කටයුතු කරන්න.

හොඳ සිය දෙනෙක් පාර්ලිමේන්තුවට ගිහිල්ලත් වැඩක් නෑ.එක් හොරෙක් පාර්ලිමේන්තුවට ගියොත් ඔක්කොම ඉවරයි.”

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *