යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා කොටුව පොලිස් ස්ථානය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සිදුවූයේ, ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණි අවස්ථාවේදීය.
මෙම අත්අඩංගුවට ගැනීමට හේතුව වී ඇත්තේ, කොටුව ප්‍රදේශයේ පසුගිය දිනකදී පැවති සත්‍යග‍්‍රහයක් අතරතුර පොලිස් රාජකාරියට බාධා කිරිම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනාවකි. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු අද දින පොලිසිය වෙත කැඳවා තිබිණි.
අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
— Updated (14:20)—-
අධිකරණයට ඉදිරිපත් කරන ලද මන්ත‍්‍රීවරයා ඇප මත නිදහස් කර ඇත.