BREAKING NEWS
Search

බස් එකේ බ්‍රේක් වැඩ නෑ කිව්වා..අපි හිනා උනා… – තුවාල ලැබූ මගියෙක් කියූ කතාව.

25935

ඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් අනතුරෙන් දිවි ගලවාගත් පුද්ගලයෙක් තමා මුහුණ දුන් බියකරු අත්දැකීම බීබීසී සිංහල සේවය වෙත විස්තර කළේය. බස් රථය ප්‍රපාතයට පෙරළීමට පෙර රියදුරා තිරිංග නොමැති බව පැවසූ අවස්ථාවේ සමහරු එය විහිළුවක් ලෙස සලකා සිනාසුණු බව ඔහු පැවසීය.

අනතුර සිදුවූ දින බස් රථයේ ගමන් කරමින් සිටි තමා සහ පිරිසක් රියදුරා සමඟ කතා කරමින් සිටි බවත්, එහිදී ඇල්ල ප්‍රදේශයේ වංගුවක් අසලදී “බ්‍රේක් නැහැ” යනුවෙන් රියදුරා පැවසූ බවත් ඔහු සඳහන් කළේය. රියදුරා එසේ පැවසූ විට කොන්දොස්තර ඇතුළු පිරිසක් “බොරු කියන්න එපා” යැයි පවසා සිනාසුණු බවත්,

නමුත් දෙවන වංගුවේදීද රියදුරා නැවතත් “ඇත්තටම බ්‍රේක් නැහැ” යැයි පැවසූ විට තමාට තත්වය බරපතළ බව වැටහුණු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

“ඇල්ල හරියේ වංගුවක් ගාවින් කිව්වා බ්‍රේක් නැහැයි කියලා. මම බොනට් එක උඩ ඒ කට්ටිය එක්ක කතා කර කර හිටියා. ඩ්‍රයිවර් කිව්වේ. ඊට පස්සේ කොන්දොස්තරත් හිනා වුණා. ඊට පස්සේ අර අනිත් අහල පහළ කට්ටියත් හිටියා.

එතන එහා පැත්තේ සීට් එකේ එක්කෙනෙකුත් හිටියා එයත් හිනා වුණා බොරු කියන්න එපා කියලා. ඊට පස්සේ දෙවනි වංගුවෙදිත් කිව්වා නෑ, ඇත්තට ම බ්‍රේක් නැහැ කියලා එක පාර කපන්න ගත්තා. ඊට පස්සේ තමයි දන්නේ ඇත්තට ම බ්‍රේක් නැහැ කියලා,” ඔහු පැවසීය.

ඔහුගේ ප්‍රකාශය අනුව, අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරා බස් රථය පාලනය කරගැනීමට දැඩි උත්සාහයක් ගෙන ඇති බව පෙනී යයි. මෙම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තවත් 18 දෙනෙකු තුවාල ලැබූ අතර, රියදුරාගේ අවවාද නොතකා හැරීම මෙම ඛේදවාචකයට තවත් හේතුවක් වන්නට ඇතැයි සැලකේ.
වීඩියෝව පහතින්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!