මගියෙකුට බස් රථයක අමතකව ගිය රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් අහුලාගත් තරුණයෙකු එය නැවත හිමිකරුට ලබාදීමට කටයුතු කළ ආදර්ශමත් ක්‍රියාවක් මාතර, වැලිගමින් වාර්තා වෙනවා.
අලුත්ගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කළ පුද්ගලයෙකු පසුගියදා සේවය නිමවී නිවෙසට යාම සඳහා මාතර – කොළඹ බස් රථයකට නැග තිබූ අතර පසුව ඔහු රත්ගම ප්‍රදේශයෙන් බැසගොස් තිබුණා.
එම අවස්ථාවේ ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් සහිත පාර්සලය ඔහු ගමන් කළ බස් රථයේ අමතක වී දමා ගොස් තිබෙනවා.
එම පාර්සලය දුටු බස් රථයේ ගමන් කරමින් සිටි තරුණයෙකු එම පාර්සලය ලබාගෙන ඒ පිළිබඳව බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා දැනුවත් කර ඇති බවයි අප වාර්තාරු පැවසුවේ.
පසුව එම මුදල් පාර්සලයේ හිමිකරු විසින් දුරකථන ඇමතුම් ලබා දෙමින් අදාල පාර්සලය පිළිබඳ සොයමින් සිට ඇති අවස්ථාවේ එම පාර්සලය සන්තකයේ තබාගෙන සිටි තරුණයා හිමිකරුගේ අනන්‍යතාව තහවුරු කරගෙන නැවත ලබාදීමට කටයුතු කර තිබෙනවා.
මෙම ආදර්ශවත් ක්‍රියාව වෙනුවෙන් මුදල් පාර්සලයේ හිමිකරු විසින් රුපියල් දස දහසක මුදල් ත්‍යාගයක් එම තරුණයාට ලබා දුන්නත් එය ප්‍රතික්ෂේප කිරීමට එම තරුණයා කටයුතු කළ බවද සඳහන්.