BREAKING NEWS
Search

මම ආවේ දුක් විදින්නට නොව දුක නැති කර ගැනීමටයි – අති පූජ්‍ය ඩෙන්මාර්කයේ ඥාණදීප මහ තෙරුන් වහන්සේ

266

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අනුගමනය කරමින් දුර ඈත වන සෙනසුන් වල වැඩ සිට අසරණ මිනිසුන් හට අනුග්‍රහ කර දෙව් මිනිස් ලෝක සත්වයින්ගේ අප්‍රමාණ ගෞරවාදරයට පාත්‍ර වූ අති උතුම් ඥාණදීප ස්වාමින් වහන්සේ ගුණයෙන් අග්‍ර ස්වාමින් වහන්සේ නමකි.

උන්වහන්සේ ගැන තොරතුරු සඳහන් එක් ලිපියක තිබූ කොටසක් මෙසේ දක්වන්නම්.

එක් ස්වාමීන් වහන්සේ නමකට ලග්ගල කැලයේ දී අති උතුම් ඩෙන්මාර්ක් ජාතික ඥාණදීප ස්වාමීන් වහන්සේ කලකට පෙර දැක වන්දනාමාන කිරීමට ද උපස්ථාන කිරීමටද අවකාශ සැලසී ඇත. උන්වහන්සේ ඤාණදීප ස්වාමින් වහන්සේ සමීපයේ ටික කලක් උවටැන් කරමින් වැඩ සිටි අතර මාස ගණනකට වරක් වනවාසී භික්ෂූන් වහන්සේලා රැස්කර සිරිත් පරිදි ඤාණදීප මහ තෙරුන් වහන්සේ අවවාද අනුශාසනා පවත්වන දිනය උදා විය.

උන්වහන්සේ අප්‍රමාණ තේජානුභාවයකින් ධර්මය දේශනා කරද්දී එක් භික්ෂුන් වහන්සේ නමක් මෙසේ විමසා ඇත.

“අවසරයි තෙරුන් වහන්ස, මෙකල ලක්දිව ආසවක්ඛය ඥානය ලැබූ භික්ෂූහු වෙසෙත් ද?”
මහ තෙරුන් වහන්සේ ඊට මෙසේ පිළිතුරු දුන් සේක.

“මෙකල ලංකා ද්වීපයේ ධ්‍යාන අෂ්ට සමාපත්ති සහිත භික්ෂූන් ද බොහෝ වෙති. ආසවක්ඛය ඥානය ඇති භික්ෂූන් ද සුළු ප්‍රමාණයක් වැඩ වෙසෙත්”

මෙකල ලක්දිව වසනා අද්විතීයම ස්වාමීන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේ එක්තරා තෙරුන් වහන්සේ නමකගේ නාමයක් ප්‍රකාශ කර ඇත. ඒ නාමය ප්‍රසිද්ධ කර නැත්තේ උන්වහන්සේගේ නිදහසට බාධා වන නිසාය.

ඒකාන්තයෙන් අදත් මේ දැනුත් ජීවමානව සෝවාන් මාර්ගස්ථ, සෝවාන් ඵලලාභී, සකෘදාගාමි මාර්ගස්ථ, සකෘදාගාමි ඵලලාභී, අනාගාමි මාර්ගස්ථ, අනාගාමි ඵලලාභී, අරහත් මාර්ගස්ථ, අරහත් ඵලලාභී යන ආර්යයන් වහන්සේලා මේ ලංකා ද්වීපයේ වැඩ සිටින සේක. එසේ නැත්නම් බුද්ධ ශාසනය විනාශ වී තිබිය යුතුය. තවමත් සම්බුදු ශාසනය ජීවමාන බැවින් ආර්ය උතුමන්ගෙන් මේ ලෝකය හිස් වී නැත.

අප්‍රමාණ ගුණයෙන් ශෝභමානව සම්බුදු සසුන ඒකාලෝක කළ අති පූජ්‍ය ඩෙන්මාර්කයේ ඥාණදීප ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා…!!!

මේ ලෝක ධාතුවේ වැඩ වාසය කරන සෝවාන් මාර්ගස්ථ, සෝවාන් ඵලලාභී, සකෘදාගාමි මාර්ගස්ථ, සකෘදාගාමි ඵලලාභී, අනාගාමි මාර්ගස්ථ, අනාගාමි ඵලලාභී, අරහත් මාර්ගස්ථ, අරහත් ඵලලාභී යන අෂ්ඨාර්ය පුද්ගල අති උතුම් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා…!!!

Sugatha Daham Suwa
ලිපිය – Ravindu Anjana Cooray

උපුටාගැනීමකි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!