BREAKING NEWS
Search

මම ඉන්දියාවේ අමුල් කිරි කර්මාන්තය නිරීක්‍ෂණයට ගියේ මීට අවුරුදු 15කට, 16කට කලින්.!

502

ඉන්දියාවේ අමුල් කිරි කර්මාන්තය නිරීක්‍ෂණය සඳහා තමන් මීට අවුරුදු පහළොවකට දාසයකට කලින්ද ගිය බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන සාකච්චාවලදී අමුල් පිළිබඳව වන චිත‍්‍රපටයක්ද පෙන්වා ඇති බවද හෙතෙම පවසයි.

අමුල් සමාගම ගොඩනැගෙන්නේ සමූපකාර ක්‍රමයක් හරහා බවත් ඒ යටතේ ගොවියාට සියයට අසූවක ආදායමක් ලැබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය ගොඩනැගීම සඳහා ඔවුනගේ තාක්ෂණික සහාය ලබා ගැනීමට කැමති නමුත් මෙරට කිරි වෙළඳපොළ සම්පූර්ණ වශයෙන් අත්පත් කර ගැනීමට විරුද්ධ බවත් මෙවර ඉන්දීය සංචාරයේදී තමන් අමුල් සමාගම සමග පැවසූ බවත් ඔහු සඳහන් කළේය.

සිරස රූපවාහිනි නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!