හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ වරප්‍රසාද අහිමි කළහොත් ඔහුට නිවාසයක් ලබාදීමට මැදිහත් වන බව නායක ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙකු තමාට පැවසුවේ යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ පැවසීය.
මහින්ද රාජපක්ෂගේ වරප්‍රසාද කප්පාදුවට එරෙහිව මේවනවිට ඇතැම් භික්ෂුන් වහන්සේලා හරහා විරෝධයක් ගොඩනැගෙමින් පවතී. ”ඔබතුමාගේ මයිලකට හරි අතක් තිබ්බොත් මහා සංඝරත්නය පෙරට එනවා,” යයි ඇතැම් භික්ෂුන් වහන්සේලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති.
ඒ අතර මහින්ද රාජපක්ෂ බැහැදැකීම සඳහා මේදිනවල දුර බැහැර ප්‍රදේශවලින් පවා ජනතාව ඔහුගේ නිල නිවසට එමින් සිටින බව වාර්තාවේ.
හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු ජනාධිපති බිරින්දෑවරුන්ගේ නිවාස ඇතුළු වරප්‍රසාද කප්පාදු කිරීමට අදාළ පනත් කෙටුම්පත ජාතික ජන බලවේගය රජය විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.
එම පනත් කෙටුම්පත ඉදිරියේදී සම්මත කිරීමට නියමිතය.
( මුලාශ්‍රය | lankadeepa )







