BREAKING NEWS
Search

මහින්ද නිල නිවසින් යවයි – නිවස CID මූලස්ථානය කරයි..!

23102

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ, විජේරාම මාවතේ පිහිටි නිල නිවස, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූලස්ථානය සඳහා ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පොලිස් මූලස්ථානය ආසන්නයේ පිහිටි පැරණි ගොඩනැගිල්ලක ක්‍රියාත්මක වන අතර, එහි පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා නිලධාරීන් අපහසුතාවයට පත්ව සිටිති. මෙම ගැටලුවට විසඳුමක් ලෙස, හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස භාවිතයට ගැනීමට සාකච්ඡා වී ඇත.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ හිමිකම් ඉවත් කිරීමේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, එය සම්මත කර ගැනීමෙන් පසුව මෙම පියවර ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම පනතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර, එහි තීන්දුව මේ වන විට කථානායකවරයා වෙත රහසිගතව යොමු කර තිබේ.

නීති සම්මත වීමෙන් පසු නිල නිවසෙන් ඉවත්ව යාමට කටයුතු කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව පසුගියදා ප‍්‍රකාශ කලේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!