BREAKING NEWS
Search

මාර්තු පහළොස්වෙනිදා රට පුරා රිලවුන් ගණන් කරයි..!

229

රට තුළ රිලවුන් වඳුරන් දඬුලේනුන් හා මොනරුන් සංගණනයක් සිදුකිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ තීරණය කර තිබේ.

ඒ අනුව මෙරට සියලුම ග්‍රාම නිලධාරී වසම් පදනම් කරගෙන මෙය පැවැත්වීමට සංවිධානය කරමින් ඇත.

මාර්තු පහළොස්වෙනිදා දින පැවැත්වීමට මෙය සැලසුම් කර ඇති අතර ඊට අදාළ උපදෙස් නිලධාරීන් වෙත යොමු කර තිබේ.

උදෑසන එක් නිශ්චිත කාලයක් තුල කාලයේදී තම පරිශ්‍රය නිරීක්ෂණය කර එම අවස්ථාවේ එහි සිටින වන සතුන් ගණනය කර තොරතුරු පත්‍රිකාවේ සටහන් කරන ලෙස උපදෙස් ලබා දී තිබේ.

වන සතුන්ගෙන් දිගින් දිගටම සිදුවන හානිය පාලනය කිරීමට පුළුල් වැඩපිළිවෙළක් සකස් කිරීමේ මූලික පියවරක් ලෙස මෙම කටයුත්ත සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!