BREAKING NEWS
Search

මුල්‍ය වංචාවකින් රජයේ සේවයෙන් නෙරපූ අයෙක් කැබිනෙට්ටුවේ…!

238

පසුගිය කාලයේ පොහොර සංස්ථාවේ සේවය කරද්දී මුල්‍ය වංචාවක් හේතුවෙන් වැඩ තහනමට ලක්වූ පුද්ගලයෙක් වත්මන් කැබිනට් මණ්ඩලයේ ඇමති ධුරයක් දරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පවසයි.

අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසුවේ අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටින සමයේ එම පුද්ගලයා ගෙනවිත් ඇති බවත් පසුව පොහොර සංස්ථාවේ සිටියදී අදාළ වංචාව කර තිබෙන බවත්ය.

එම නම හෙලි නොකරන්නේ තමන් පෞද්ගලිකව කිසිවෙකුට මඩ ගහන්න කැමති නැති නිසා බවත් කී ඔහු මූල්‍ය වංචනිකයන් ඇමති තනතුරු වල සිටින විට ආණ්ඩුව ගැන පැහැදිලි සැකයක් ඇති වීම සාධාරණ බවත් හෙතෙහ තව දුරටත් පැවසුවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!