ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී “GOAT India Tour” සංචාරය සඳහා ඉන්දියාවේ කොල්කටා වෙත පැමිණියේ ඊයේ උදෑසනයි.
එම සංචාරයෙහි කොටසක් ලෙස ඔහු කොල්කටා හි සෝල්ට් ලේක් ක්‍රීඩාංගනයට පැමිණියේ ඔහුගේ ඉන්දීය රසිකයින් උමතුවට පත් කරමිනි.
කෙසේ වෙතත් එහිදී නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගැනීම නිසා විනාඩි දහයක් වැනි කෙටි වෙලාවකින් මෙසීට ඉන් ඉවත්ව යාමට සිදු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම සිදුවීමත් සමඟ ඉන්දියන් රුපියල් 14,000ක් ගෙවා මෙසී දැක බලාගැනීමට පැමිණි ඉන්දියානුවන් දහස් ගණනකගේ බලාපොරොත්තු බිඳී යාමෙන් ක්‍රීඩාංගනය තුළ දැඩි නොසන්සුන් කාරී තත්ත්වයක් හට ගත් බව එම වාර්තාවල දැක්වෙනවා.
එසේ අපේක්ෂා බිඳ වැටුණු මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යවල සිය අදහස් බෙදා ගන්නා ආකාරය ද දක්නට ලැබුණා.
ඒ අතර අලුත විවාහ වූ යුවළක් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ මෙසී සියැසින් දැකීම සඳහා ඔවුන් තම මධුසමය අවලංගු කළ බවයි.
අලුත විවාහ වූ තරුණිය මාධ්‍ය වෙත ප්‍රකාශ කළ ආකාරයට ඔවුන් විවාහ වී තිබුණේ දෙසැම්බර් 5 වැනිදාය. මේ සතියේ ඔවුන්ගේ මධුසමය සැලසුම් කර තිබුණද මෙසී පැමිණීම නිසා ඔවුන් එය අවලංගු කිරීමට කටයුතු කර තිබෙනවා.
පාපන්දු පුරාවෘත්තයක් වන මෙසී දැක බලා ගැනීම ඔවුන්ගේ මධුසමයට වඩා වැදගත් වූ බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.
එමෙන්ම ”අද මගේ විවාහය. මම විවාහ මංගල්‍යය අතහැරලයි මෙහේට ආවේ. නමුත් අපේ අපේක්ෂාවන් ඉටු වුණේ නෑ..” යනුවෙන් සුපිරි පාපන්දු තරුව වූ මෙසී දැක බලා ගැනීමට පැමිණි තවත් තරුණයෙකු මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා.
සිය විවාහ උත්සවය අතහැර මේ අවස්ථාවට සහභාගී වුවත් ඔහුගේ බලාපොරොත්තුව සුන් වූ බවයි ඔහු පවසන්නේ.
මෙවැනි තත්ත්වයක් මත එම ක්‍රීඩාංගණය තුළ අවුල් සහගත බවක් ඇතිවී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර සංවිධායකයින් තමන්ව රවටා ඇති බව කියමින් ඔවුන් චෝදනා කරනවා.
මෙය ඉන්දියාවේ ඔහුගේ රසිකයන් අතර මෙසී කෙරෙහි ඇති ගැඹුරු ආශාව සහ ආදරය ඉස්මතු කරන සිදුවීමක් වුණා.








