BREAKING NEWS
Search

යල් පැන ගිය ඇඟිලි පාට කිරීම ඇතුළු ඡන්ද නීති කඩිනමින් වෙනස් කරනවා – මැතිවරණ කොමසාරිස් ජනරාල්

646

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට අදාළ යල් පැන ගිය නීති රීති, විශේෂයෙන්ම ඡන්දදායකයාගේ ඇඟිල්ලේ තීන්ත ආලේප කිරීම වැනි ක්‍රමවේදයන් කඩිනමින් වෙනස් කර නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීමට තම කොමිසම උපරිම උත්සාහ ගන්නා බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

 

 

‘මැති­ව­රණ කොමි­ෂන් සභාව සහ පැෆ­රල් සංවි­ධා­නය අපි සේරම එක ගම­නක් යන පිරි­සක් හැටි­ය­ටයි කට­යුතු කරන්නේ. මැති­ව­රණ ක්‍රියා­ව­ලියේ අපි හැමෝම ගැටලු ඇති තැන් නිරී­ක්‍ෂ­ණය කර­මින් විවිධ පාර්ශ්ව දැනු­ම්වත් කර­නවා. මැති­ව­රණ නීති ක්‍රියා­ව­ලියේ ඉතා ඉක්ම­නින්ම වෙනස් විය යුතු නීති තිබෙ­නවා. ඒවාට ලබා ගන්නා යෝජනා, අද­හස් අනුව අපි ඉතා ඉක්ම­නින් මේ මැති­ව­රණ ක්‍රියා­ව­ලියේ නීති රීති වෙනස් කිරී­මට බලා­පො­රොත්තු වෙනවා. ගොඩක් අය පළාත් සභා මැති­ව­ර­ණය තියන්න කියා ඉල්ලීම් කර­නවා. හැබැයි ලංකාවේ නීති­යක් නැහැ. පළාත් සභා ඡන්ද­යක් තියන්න කියලා. ආබා­ධිත පුද්ග­ල­යන් වෙනු­වෙන් ඡන්දය ප්‍රකාශ කිරී­මට සහ ඡන්ද මධ්‍ය­ස්ථා­නයේ අපි පහ­සු­කම් ඇති කිරීමේ කඩි­නම් වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර­නවා. ඒ වගේම තමයි පසු­ගිය පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී වත්කම්, බැර­කම් නොදුන් පළාත් පාලන නියෝ­ජි­ත­යන් 2200කට වැඩි පිරි­සක් ඉන්නවා. නොදුන් අය­ටත් අපි නීති­රීති ක්‍රියා­ත්මක කරන්න බලා­පො­රොත්තු වෙනවා. ඡන්දය ප්‍රකාශ කිරී­මේදී ඇඟි­ලි­වල පාට ලකුණු කරන්න පටන් ගත්තේ 1970 සිටයි. අපි තවත් ඒ ක්‍රියාව කර­නවා. හැබැයි වෙනත් රට­වල් මේ ක්‍රම­යෙන් බැහැ­රව වෙනත් ක්‍රම අනු­ග­ම­නය කර­නවා. ඇඟිලි පාට කරන්න පම­ණක් ලොකු ගාණක් විය­දම් වෙනවා. ඒවා වෙනස් කර­න­වාට සම­හරු කැමැති නෑ. අපිත් කිය­නවා මේක වෙනස් කරන්න ඕනෑ කියලා. මේක හරි­යට බාල­ගි­රි­දෝ­ෂය වගේ. මේ වගේ නීති රීති වෙනස් කිරීම කර රටට තව­දු­ර­ටත් නිද­හස් හා සාම­කාමී මැති­ව­රණ පවත්වා සියලු දෙනාට ඡන්ද අයි­තිය ලබා­දීමේ වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කිරීම තමයි අපේ අර­මුණ. අලු­තින් ඡන්ද හිමි නාම­ලේ­ඛ­න­යට ඇතු­ළත් වන පුද්ග­ල­යන් ඡන්දය ප්‍රකාශ කිරී­මට ඉතා­මත් මැළි­ක­මක් දක්ව­නවා.”

 

 

පොළොන්නරුව, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මැතිවරණ කොමිෂන් සභාවේ නව උපායමාර්ගික සැලැස්ම සඳහා රාජ්‍ය සහ සිවිල් සංවිධානවල අදහස් හා යෝජනා ලබාගැනීම වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

විදෙස්ගත ශ්‍රමිකයන්, ඇඟලුම් කර්මාන්ත ශාලා සේවකයන් සහ ආබාධිත පුද්ගලයන් වැනි පාර්ශ්වයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර, විශේෂයෙන් ආබාධිත පුද්ගලයන් සඳහා පහසුකම් සැලසීමට කඩිනම් වැඩපිළිවෙළක් සකසන බව කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ජනතාව ඉල්ලීම් කළද, ඒ සඳහා අවශ්‍ය නීතිමය රාමුවක් නොමැති බව පෙන්වා දුන් රත්නායක මහතා, පසුගිය පළාත් පාලන මැතිවරණයට අදාළව වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් නියෝජිතයන් 2200කට අධික පිරිසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල මීළඟ කාර්යභාරය විය යුත්තේ, බලයට පත් වූවන්ගෙන් ජනතා පොරොන්දු ඉටුකරවා ගැනීම සඳහා ‘බලපෑම් කණ්ඩායම්’ ලෙස ක්‍රියා කිරීම බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!