යුද හමුදාපති කතෝලිකයෙක්,මහනුවර අණදෙන නිලධාරී කතෝලික – ඔවුන් දිවා රෑ නොතකා ශ්‍රී දළඳා දැක්ම වෙනුවෙන් කල මෙහෙය සැබැවින්ම අගය කල යුතුයි..!

adminape

දෑත නළලේ බැඳ වැඳුම් ලබන්නේ සෑම දෙනා හට පින් කෙතවන්නේ
නේක දහම් ගුණයෙන් බබළන්නේ සාදු සාදු බුදුහිමි නමදින්නේ.

ලොව බොහොමයක් රටවල සන්නද්ධ හමුදාවන් ආගමික අන්තවාදයේ මුල් බැස ගත්තෝය. පුදුමාතාලෙන්හි සර්ව ජාතික මානුෂීය යුද හමුදාවක් බව ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මානුෂීය මෙහෙයුම සිදු කරමින් ක්‍රියාවෙන් පෙන්වා දුන්නෝය, මෑත සර්ව ආගමික හමුදාවක් බව වචනය පරිසමාප්ත අර්ථයෙන් ඓතිහාසික මහනුවර රාජධානියේදී හමුදාපතිගේ සිට පහළම නිළිය දක්වා ලොවක් ඉදිරියේ ආදර්ශමත්ව පෙන්වා දුනි.

අතීත රජ දවස සිටම කලින් කලට විවිධ අවස්තාවන්හිදී දළදා වහන්සේ මහ ජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කළ බව ඉතිහාසය පරිශීලනය කරන විට හඳුනාගත හැකිය.

ඉතිහාසයේ අවසන් වරට මහ ජනතාව උදෙසා දළදා දැක්මක් සිදු කෙරුණේ වර්ෂ 2009 මාර්තු 06 වෙනිදා සිට 14 වෙනිදා දක්වාය.

එතැන් සිට සොළොස් වසරකට පසු නැවතත් ලෝකවාසී බෞද්ධ ජනතාව ජීවමාන බුදුන් සේ සලකා වන්දනාමාන කරන, සෙංකඩගල ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැකබලා ගැනීමට අවස්තාව උදා වී තිබුණි.

ඒ අනුව වර්ෂ 2025 අප්‍රේල් 18 සිට 27 වෙනිදා දක්වා “සිරි දළදා වන්දනාව” අති උතුම් දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් සැමට සෙත, ශාන්තිය, සමෘද්ධිය, සෞභාග්‍යය, සමඟිය, සමාදානය, මෙලොව යහපත හා එලොව සුගතිය සැලසීමේ අරමුණින් පැවැත්වුණි.

වසර ගණනාවකට පසුව ශ්‍රී දළදා වහන්සේ වන්දනා කිරීමේ අවස්ථාවට මුළු මහත් ජනකායක් ඉතාම කෙටි කාලයක් තුළ මෛත්‍රී කරුණා සහගත සිතිවිල්ලෙන් යුතුව සහභාගි වූ සියලු බැතිමතුන් හැසරවීම මහජන ආරක්ෂාව යටතේ ශ්‍රී ලංකාව පොලිසිය විසින් සිදු කළ අතර ත්‍රිවිධ හමුදාව විශාල මෙහෙවරක් සිදුකළ බව අප සියල්ලෝ දුටුවෙමු.

මෙහිදී යුද හමුදාවට සුපරික්ෂාකාරීව සිදු කළ යුතු භාරදූර අභියෝගාත්මක කටයුත්තක් වූ ශ්‍රී දළදා මන්දිරයේ පෞරාණිකත්වය ආරක්ෂා කිරීමට පිවිසුම් පිටවීම් මාර්ගයන් සියල්ල මෙන්ම පෞරාණික සියලුදේ ආවරණය කිරීම පැවරී තිබුණු අතර එම අභියෝගයටද ශ්‍රී ලංකා යුද හමුදාව ඉතා සාර්ථකව මුහුණ දුනි.

මෙම ඓතිහාසික අවස්ථාව සබැඳිව නිල නිවේදනය නිකුත් කළ දින සිට ශ්‍රී දළදා ප්‍රදර්ශනය අවසන්වී මහනුවර සහ යාබද සියලු නගරයන් පිළිසිදුකර යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රද්ධාවෙන් සහ කැපවීමෙන් වැඩ කළහ. සිය ගණනින් යුද හමුදා අරක්කැමියන් යොදා ගනිමින් ජන ගඟක් සේ ගලා එන්නට වූ සුවහසක් බැතිමතුන් හට පිරිසිදුව ආහාර පිළියෙල කර, සැප පහසුව එම ආහාර අනුභව කිරීම සඳහා අති දැවැන්ත කූඩාරම් ඉදිකොට මේස පුටු යොදා ලහි ලහියේ පිළියෙල කළෝය. වයෝවෘද්ධ සහ ආබාධිත බැතිමතුන් සෙබළුන්ගේ අත් සහ කරමතින් අනේක වාරයක් රැගෙන යමින් වන්දනා කරවීමට කටයුතු කිරීම සැවොම අත්දුටු සංවේදී දර්ශනයන් සේම ශ්‍රී ලංකා යුද හමුදාවේ මානුෂික භාවය පුදුමාතලන්හි අත් දුටුපසු එවන් ජන ගඟකට මානුෂීයව සැලකූ දෙවන වතාව මෙය විය හැක.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc මහතා කතෝලිකයෙකු වුවද ශ්‍රී දළදා ප්‍රදර්ශනය නිවේදනය කළ පසු මෙම අභියෝගාත්මක ක්‍රියාන්විතයට අවතීරණයවූ පළවෙනි දිනම ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ආශිර්වාදය ලබා පැමිණෙන්නා වූ සියලු ශ්‍රද්ධා සම්පන්න බැතිමතුන් සහ රාජකාරියට එහා ගිය මෙම දේව කාර්යයට කැපවෙන්නා වූ ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලිස් සාමාජික සාමාජිකාවන්ට මේ කටයුත්ත සාර්ථක කර ගැනීමට මෙන්ම සියලු සැම ආරක්ෂා කර දෙන ලෙසට හදවතින්ම බාර වෙමින් සියලු කටයුතු අවසන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කෘතඥ පූර්වකව වැඳ පුදා අස්ගිරි මල්වතු මහා නායක හිමියන්ගේද ප්‍රශංසාවට ලක්ව දියවඩන නිලමේ තුමා ඇතුළු දළදා මාළිගය සියලු කාර්ය මණ්ඩලයට ස්තුති පූර්වකව මෙම කටයුතු සාර්ථක කර ගැනීමට යුද හමුදාවට ඔවුන් ලබා දුන් අපරිමිත සහයෝගයට කෘතඥ විය.

ඒ සියල්ලෙන් ඉක්බිති යුද හමුදාපතිතුමා මෙම දේව කාර්යයට සහභාගි වූ සියලු රණවිරුවන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවට අනුයුක්තව කටයුතු කරන සිවිල් සේවක මහතුන් නුවර ධර්මරාජ විද්‍යාල පරිශ්‍රයට කැඳවා හෘදයාංගම ස්තුතියි ඔහුනට පුද කළෝය. කෘතඥ පූර්වකව ඒ සියලු අයවලුන් ඇගයීමට ලක් කර විශේෂයෙන්ම යුද හමුදා සාමාජිකයන්ගේ ඉවසීම , විනය සහ මානුෂීයභාවය සබැඳිව ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා වශයෙන් එතුමන් සැබවින්ම ආඩම්බර වන බව ප්‍රකාශ කරන ලදී. එමෙන්ම විනය , ඉවසීම සහ මානුෂීයභාවය ප්‍රගුණ කරමින් රඳා පවත්වාගෙන යෑමේ වටිනාකමත් පහදා දීමෙන් අනතුරුව පෞද්ගලිකවම ඔවුන් සමඟ සුහදත් පිළිසඳරක යෙදෙමින් ඔහුනට ධෛර්යය ලබා දුනී.

ශ්‍රී දළදා මාලිගයෙහි ඉල්ලීම පරිදි යුද හමුදාව විසින් මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීමට 2007 සිට 2014 මහනුවර අණදෙන නිලධාරීවරයා වශයෙන් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සහ දළදා මාලිගාව ජීවය සේ ආරක්ෂා කරමින් මාලිගාව දළදා පෙරහැර ඇතුළු සහ එම පිළිවෙත් සබැඳි සම්ප්‍රදායන් පිළිබඳව ඉනිපෙත්තටම සපැමිණි බ්‍රිගේඩියර් රොහාන් වෙත්තසිංහ පත් කළ අතර එතුමානන්ද මහත් කැපවීමකින් ක්‍රියාකොට අනූපමේය සේවයක් පිටු කළේය.

මෙහි කැපී පෙනෙන සිදුවීමක් වූයේ ඔහු සහ හමුදාපති යන දෙදෙනාම කතෝලික බැතිමතුන් වීමය.අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමනි දෑත් නළලේ තියා බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වැනි ශ්‍රී දළදා වහන්සේ වන්දනා කරන්නා වූ හමුදාපතිවරයෙකුගේ විරල ඡායාරූපයක් දුටුවෙමු.

අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා ඔවුන් සැබෑ කතෝලිකයෝය. ඔබ සැබවින්ම ඔවුන් පිළිබඳ ආඩම්බර විය යුතු නොවේද..? ආගමික සංහිඳියාව පිළිබඳ තවත් උදාහරණ කුමටද..?

ස්තුතියි.!
ඔබ සැමට ශ්‍රී දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි.

 

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *