BREAKING NEWS
Search

රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට කන්කසන්තුරේට මාරුවක්..!

85

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලීසිය වෙත මාරු කර තිබේ.

අද (01) සිට බලපැවැත්වෙන පරිදි මෙම ස්ථාන මාරුව සිදුකර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම මේ සඳහා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව ඇතැයිද සඳහන් වේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වසර 23ක් පුරාවට රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක ඒකකයේ කටයුතු කල අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස වසර 15ක්ද සේවය කර තිබේ.

පොලිසියට අනුව, රනිල් වික්‍රමසිංහ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් දැනට රඳවාගෙන සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) අතර දුරකථන ඇමතුමක් ලබා ගැනීමට නිලධාරියා දැරූ උත්සාහයක් හේතුවෙන් මෙම මාරුවීම නිකුත් කර ඇත.

මෙම කාර්යය සඳහා අදාළ නිලධාරියා CID නිලධාරියෙකු සම්බන්ධ කර ගත් බව පොලිසිය තවදුරටත් පැවසීය.

හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේ නිලධාරියෙකු මෙම මාරුව තහවුරු කළේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *