BREAKING NEWS
Search

රනිල් යලි පාර්ලිමේන්තුවට – සිලින්ඩර මන්ත‍්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි..!

22445

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා සඳහන් කරයි.

වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනාගෙන් එක් අයෙකු ඉල්ලා අස්වනු ඇති බවද හෙතෙම පැවසීය.

ඉල්ලා අස්වන මන්ත්‍රීවරයා කවුරුන්දැයි එම පෙරමුණේ ප්‍රධානීන් විසින් තීරණය කරනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

“සිලින්ඩරයට ඡන්ද ලක්ෂ 20ක් ලැබුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබාදුන් ඡන්ද තමයි. මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු 2ක් ලැබුණෙත් සිලින්ඩරයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වය ලබාදුන් නිසයි. ඔහු මහා ප්‍රජාතන්ත්‍රවාදියෙක්. ප්‍රජාතන්ත්‍රවාදයට නායකත්වය දුන් පුද්ගලයෙක්. මේක ඔහුට සුදුසුම වෙලාව පාර්ලිමේන්තුවට එන්න. දැන් පාර්ලිමේන්තුව ඉබාගාතේ යන්නේ. එතුමා පාර්ලිමේන්තුවේ සිටීම අවශ්‍යයි.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!